අමානා මෙරට විශිෂ්ඨතම ඉස්ලාමීය බැංකුව වෙයි

    April, 20, 2014

    පසුගියදා පැවති ඉස්ලාමීය ජාත්‍යන්තර මූල්‍ය පුවත් සම්මාන ප‍්‍රදානෝත්සවයේදී, අමානා බැංකුව නැවතත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉස්ලාමීය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර වී තිබේ.

    ගෝලීය වෙළඳ පොළ තුළ ඉස්ලාමීය මූල්‍ය සේවා සපයන බැංකු වෙත සම්මාන ප‍්‍රදානය කිරීම සඳහා මැලේසියාවේ රෙඞ්මනි සමූහය විසින් මෙම සම්මාන උළෙල පවත්වන ලද අතර ජාත්‍යන්තර ඉස්ලාමීය මූල්‍ය සමාගම් සඳහා වන මත විමසුම තුලින් අදාළ ජයග‍්‍රාහකයින් තෝරා සම්මාන ප‍්‍රදානය කිරීම සිදුවූ බව බැංකුව කියයි.