අයවැයට කලින්ම පොඩි කාර් මිල පහළට

    November, 6, 2017

    මෙවර අයවැයේ දී මෝටර් රථ නිෂ්පාදන බද්දෙහි සුවිශේෂී අඩු වීමක් සිදුවනු ඇතැයි වාර්තා වේ. මේ වන විට සමාජ ජාල මාධ්‍ය පුරාවට මේ සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනැගී ඇති අතර මෝටර් රථවල මිල අඩුවන්නේ කුමන ආකාරයෙන් ද යන වගට සංඛ්‍යාලේඛන සටහන් පවා හුවමාරු වෙමින් පවතී.

    වාර්තා වන අන්දමට බොහෝ දුරට එන්ජින් ධාරිතාව 1000CC ට වඩා අඩු කාණ්ඩයෝ මෝටර් රථ හෙවත් පොඩි කාර් මිල මෙවර අයවැයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    කෙසේ වෙතත් නොනිල වශයෙන් එසේ ආරංචි පැතිර යද්දී, මෙරට මෝටර් රථ වෙළෙඳාමේ නිරත ප්‍රමුඛතම සමාගමක් වන AMW සමාගම සිය ජනප්‍රියතම මෝටර් රථ කාණ්ඩය වන SUZUKI හි මාදිලි වර්ග දෙකක් වන ALTO හා CELERIO හි මිල ගණන් පහත දමා තිබේ.

    මේ පිළිබඳව ඔවුන් විසින් පළ කර ඇති වෙළෙඳ දැන්වීම් කිහිපයක් පහත දැක්වේ. එම දැන්වීම්වලට අනුව ALTO මිල රු. 272,000 කින්ද, CELERIO මිල රු. 369,000 කින් ද පහළ දමා ඇත.