අයවැයට මහජන අදහස් විමසීම ඇරඹෙයි

    September, 3, 2018

    පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනවලට අදාලව මහජන අදහස් විමසීම සිදු කරයි.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්.ඒ.සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනාගේ සහභාගීත්වයෙන් මෙම අඳහස් විමසීම සිදු කෙරේ.

    ඒ අනුව එහි පළමු අඳහස් විමසීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී ඊයේ (2) ආරම්භ විය.

    එහි දෙවැනි අඳහස් විමසීමේ රැස්වීම අද (3) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පෙ.ව. 9.30ට සිදු කිරීමට නියමිතය.