අයවැයෙන් වාහනවලට වෙන දේ ගැන රවී මෙසේ කියයි VIDEO

    October, 5, 2016

    ඇමරිකාවේ එක්සිම් බැංකුවේ ප්‍රධාන නිලධාරිවරයා පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ශ්‍රී ලංකාව සුපිරි ගණයේ ආයෝජන කරන තැනක් ලෙස සලකා සම්පූර්ණ සහාය ලබා දෙන බව ඔහු කියා සිටි බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (05) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. මෙය සතුටට කරුණක් බවත් ණයට වඩා ආයෝජන මෙරටට ගෙන ඒම සිය වෑයම බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    මෙම මාධ්‍ය හමුවේදී කරුණු දක්වමින් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ සිගරට් බදු ඉහළ දැමීම තුළින් වසරකට රුපියල් බිලියන 22 ක ආදායමක් රජය බලාපොරොත්තු වන බවයි. තවද ඉදිරි අයවැයේ දී රථ වාහන සම්බන්ධයෙන් ගන්නා පියවර නොවැම්බර් 10 වෙනදා බලන්න පුළුවන් බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

    මෙම මාධ්‍ය හමුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දැක් වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=gJSKQBj-dPc