අයවැයෙන් වාහන මිල වෙනස් වන හැටි ගැන ආනයනකරුවෝ මෙසේ කියති VIDEO

    November, 12, 2016

    2017 අයවැය යෝජනා තුළින් පසුගිය වසරේ දී වාහන ආනයනය සඳහා එන්ජින් ධාරිතාව මත පදනම්ව නිෂ්පාදන බදු පැනවීමේ ක්‍රමවේදය යතුරු පැදි සඳහා ද හඳුන්වා දීමට පියවර ගැනිණි.

    තවද කිලෝවොට් 100 ට අඩු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා නිෂ්පාදන බද්ද අඩු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණි.

    කෙසේ වෙතත් නිෂ්පාදන විශේෂ විධි විධාන බද්ද යටතේ ආනයනික මෝටර් රථ සඳහා වන නිෂ්පාදන බදුවල ඉහළ වෙනස් වීමක් සිදුවන බව වාහන ආනයනකරුවන් කියා සිටී. මේ හේතුවෙන් එන්ජින් ධාරිතාව 1000 දක්වා වන මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යා හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසන ලදී.

    මේ සම්බන්ධයෙන් වාහන ආනයනකරුව දැක් වූ අදහස් සහ එක් එක් කාණ්ඩවල මෝටර් රථ මිල ගණන් ඉහළ යන අකාරය පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=Tw6EWPciybA