අයවැයේ සතුටුදායක ප්‍රගතිය යෝජනාවලින් 8% කට සීමාවෙයි

    October, 16, 2018

    2018 වසරේ ගත වූ මුල් මාස 06 තුළ නව අයවැය යෝජනා සම්බන්ධ ප්‍රගතිය මන්දගාමී බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද “අයවැය පොරොන්දු - මැති සබයෙන් ඔබ්බට“ වාර්තාව මගින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.

    මෙම වාර්තාව තවදුරටත් මෙම නිරීක්ෂණ අනාවරණය කර සිටී.

    නව වැය යෝජනාවලින් 8% ක් පමණක් ඉලක්කයන්ට සාපේක්ෂව ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. 2017 ජනවාරි-දෙසැම්බර් කාලය තුළ “අයවැය පොරොන්දු - මැති සබයෙන් ඔබ්බට“ වේදිකාව අධ්‍යයනය කළ පොරොන්දුවලින් ඉටු වී ඇති පොරොන්දු ලෙසින් ද වර්ගකීරණය කර ඇත්තේ 8% ක ප්‍රමාණයකි.

    එලෙසම නව වැය යෝජනාවලින් 33% ක් අතහැර දමා ඇත, නොසලකා හැර ඇත හෝ තොරතුරු හෙළිකර නැති ගණයට වැටේ.

    මින් අදහස් වන්නේ රජය, රුපියල් මිලියන 60,200 ක්වූ යෝජනා සම්බන්ධව පවසන දෙය නොකරන බව හෝ කරන දෙයනොපවසන බවයි.

    2018 අයවැය තුළ වූ නව වැය යෝජනා 59% ක්ම ඒවා ක්‍රියාත්මක වන ආකාරය අනුව මන්දගාමී ප්‍රගතියක් පෙන්නුම් කරයි.

    මෙම අධ්‍යයනයට අනුව අයවැය පොරොන්දුවක් සතුටුදායක ප්‍රගතියක් ලබා ඇති බවට වර්ගීකරණය කෙරෙනුයේ 2018 ජූනි 30 වන විට ඉලක්කගත කාර්යයන්ගෙන් 90%ක් වත් අදාළ කාලය තුළ නිම කර ඇත්නම් පමණි.