අයවැය බලාපොරොත්තු හමුවේ වාහන ලියාපදිංචිය පහළ බසී

    October, 24, 2017

    2017 සැප්තැම්බර් මාසය තුළ දී ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ‍JB සිකියුරිටීස් හි පර්යේෂණ අංශය විසින් සිදුකර ඇති අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇත.

    මෙහිදී කාර් රථ ලියාපදිංචිය ඒකක 2,472 ක් දක්වා පහළ බැස ඇත්තේ අගෝස්තු මාසය තුළ ඒකක 3,372 ක් ලියාපදිංචි කර තිබෙන පසුබිමක දීය.

    අගෝස්තු මාසයේ දී 1,279 ක්වූ නව කාර් රථ ලියාපදිංචිය සැප්තැම්බරයේ දී 927 ක් දක්වා අඩු වී ඇත.

    2017 සැප්තැම්බර් මාසය තුළ වැඩිම ඒකක ගණනක් ලියාපදිංචි කර ඇත්තේ Nissan Datsun මෝටර් රථ වර්ගයයි. එසේම මෙම ලැයිස්තුවේ දෙවැනි තැන මරුටි/ සුසුකි සෙලාරියෝ වෙත හිමිව තිබේ. ඒ පිළිවෙලින් ඒකක 229 ක් හ් 181 ක් ලෙසින් ලෙසිනි. පසුගිය කාලය පුරාවට මෙම මෝටර් රථ වර්ග සඳහා විශේෂ අලෙවි වට්ටම් ලබා දීමට ඒවායේ විකුණුම් සමාගම් කටයුතු කරනු දැකිය හැකි විය.

    මේ අතර මෝටර් සයිකල් ලියාපදිංචිය ඒකක 29,643 සිට 28,154 දක්වා ද, ත්‍රීරෝද ලියාපදිංචිය ඒකක 2,100 සිට 1,944 දක්වා ද අඩු වී තිබේ.

    2018 අයවැය යෝජනා තුළින් මෝටර් රථ බදු සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවට මේ වන විට ඉගි පළ වී ඇති අතර මේ හේතුවෙන්, ගැණුම්කරුවන් අයවැය යෝජනා එළිදකින තුරු නව මෝටර් රථ මිල දී ගැනීම පමා කරලනු ඇති යන්න වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.