අර්ථසාධකයට කොටස් වෙළෙඳපොළ ආයෝජන වාරණය කර නැහැ

    February, 19, 2018

    කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) මුදල් මණ්ඩලයෙන් තහනමක් නැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.ඩී. රණසිංහ මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී, අද දෙරණ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    “ආයෝජන කරන සැලැස්ම, විධිවිධාන, අභ්‍යන්තර ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රකාශනයක් තිබෙනවා. ඒ වගේම ආයෝජනය කරන ක්‍රියාපාටිපාටිය කුමක්ද යන වග පිළිබඳ ප්‍රකාශයක් තිබෙනවා. ඒවා තවදුරටත් සලකා බලා, ඒවා ශක්තිමත් කරලා කොටස් වෙළෙඳපොළේ ආයෝජනවලට යනවා.“

    මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝව පහත දැක්වේ.