August, 27, 2018
රුපියල් බිලියන 2,000ක් පමණ වූ සේවක අර්ථසාධක අරමුදල් රැස් කිරීම, ගිණුම් පවත්වාගෙන යාම, ප්‍රතිලාභ ගෙවීම, අතිරික්ත අරමුදල් ආයෝජනය හා ගිණුම් පොත්පත් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කරනු ලබයි.
අරමුදලේ ගිණුම්කරණ හා භාණ්ඩාගාර කළමනාකරණ කටයුතු සඳහා මෙහි දැනට පවතින පරිගණක ආශ්‍රිත පද්ධතිය වෙනුවට නව පද්ධතියක් ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇති බැවින් ඒ සඳහා වන ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story