අර්ථ සාධක අරමුදලට ලංකාවේ සමාගම් සියල්ල මිල දී ගන්න පුළුවන් – අගමැති කියයි VIDEO

    January, 11, 2017

    ජෝන් කීල්ස්, එයිට්කන් ස්පෙන්ස්, හේලීස්, ඇක්සෙස් සමාගම් අතුරින් එකක්වත් ලංකාවේ ධනවත්ම සමාගම නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට ධනවත්ම වාණිජ සංවිධානය සේවක අර්ථ සාධක අරමුදල (EPF) බවයි.

    අවශ්‍ය නම් මෙම සමාගම් සියල්ල මිල දී ගැනීමේ හැකියාව සේවක අර්ථ සාධක අරමුදල සතුව ඇති බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    මීට අමතර සේවක භාරකාර අරමුදල (ETF) , ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) හා සණස සංවිධානය වැනි අරමුදල් සියල්ලක්ම බිහි වූයේ එක්සත් ජාතික පක්ෂය විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය යටතේ ජනතාව අතට දුන් මුදල්වලින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    https://www.youtube.com/watch?v=YGmW6uM7XOQ