අලවිය අඩුවීම හමුවේ, බජාජ් ත්‍රි රෝද රථයට විකල්පයක් ගෙනේ

    February, 24, 2014

    ඉන්දියානු බජාජ් සමාගම විසින් ත්‍රි රෝද රථයට වඩා ස්ථාවර හා සැප පහසු විකල්පයක් ලෙසින් ආසන පටිද පැළඳ ගමන් කළ හැකි රෝද හතරක කුඩා වාහනයක් නිපදවා ඇත.

    මෙම වාහනය මෝටර් රථයක් ලෙසින් සමාගම නම්කර නොමැති අතර එම රථය RE60 නමින් නම්කර තිබේ.

    වේගය, ආරක්ෂාව, බර ඇතුළු අනිකුත් නිර්නායක අනුව සලකා බැදීමේදී මෙය මෝටර් රථයක් යැයි පැවසිය නොහැකි බව “ද ඉකොනොමික් ටයිම්ස්“ පුවත් පත වාර්තා කරයි.

    බජාජ් ත්‍රි රෝද රථ අලෙවිය 2012/13 මුදල් වසරේදී සියයට 06 කින් අඩුවී තිබෙන අතර ඊට ඉහත වසරේදී අලෙවියේ සියයට 17 ක වර්ධනයක් ළඟා කරගෙන තිබුණි.

    ත්‍රි රෝද රථයක්ද, මෝටර් රථයක්ද නොවන නව බජාජ් RE60 රථයේ බර ප්‍රමාණය කිලෝ 400 කි.  පැයකට කිලෝ මීටර් 70 ක උපරිම වේගයෙන් ගමන් කළ හැකි මෙම රථය ඉන්දියානු රුපියල් 200,000 ක් පමණ වනු ඇතැයි අදහස් කර ඇත.