May, 9, 2018
ලංකා IOC සමාගම ඊයේ (08) දිනයේ දී සිය කොටස් හිමියන් වෙත එක් කොටසක් වෙනුවෙන් සත 65 ක ලාභාංශයක් ලබා දෙන බවට නිවේදනය කරනු ලැබීය.
2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවනු ලබන පළමු හා අවසාන ලාභාංශය ලෙසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.
කෙසේ වෙතත් 2017/18 මූල්‍ය වර්ෂයේ දී ලංකා IOC සමාගම රුපියල් මිලියන 755 ක අලාභයක් වාර්තා කර තිබේ.
2016/17 මූල්‍ය වර්ෂයේ දී සමාගම රු. බිලියන 3 ක ලාභයක් වාර්තා කළ අතර එහිදී කොටසක් වෙනුවෙන් රු. 1.25 ක ලාභාංශයක් ලබා දීමට පියවර ගෙන තිබුණි.
සමාගමක් අලාභ ලබන අවස්ථාවක දී එහි කොටස්කරුවන් හට ලාභාංශ ලබාදීම සුවිශේෂී තත්ත්වයකි.
Video Story