අලිබාබා ජැක් මා ගෙන් COVID-19 පරීක්ෂණ කට්ටල විසිදහසක්

    April, 17, 2020

    COVID-19 වසංගතය මැඩපවත්වන්නට Daraz වෙතින් 20, 000 කට අධික පරීක්ෂණ කට්ටල පරිත්‍යාගයක්

    Alibaba Foundations සහ ජැක් මා පදනම විසින් සිදුකළ තවත් ප‍්‍රජා සත්කාරයක්

    Daraz  ශ්‍රී ලංකා හි මව් සමාගම වන Alibaba Group ලොවපුරා COVID-19  වසංගතය මැඩලීම උදෙසා දායකත්වය සලසන සමූහ ව්‍යාපාරයන් අතර කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරමින් ආසියාව, අප‍්‍රිකාව, යුරෝපය හා උතුරු ඇමරිකා කලාපයේ රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක උපකරණ පරිත්‍යාග රැසක් සිදුකොට ඇත. සති දෙකකට පෙර 100, 000 ක සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව, Alibaba Foundations සහ ජැක් මා පදනම විසින් COVID-19  පර්යේෂණ කට්ටල 20, 064ක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණ. Alibaba Foundations සහ ජැක් මා පදනම වෙනුවෙන් Daraz ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාරදීම සිදු කලේය.

    අතිශය තීරණාත්මක මොහොතකදී, චීනයේ ශැන්හායි සිට විශේෂිත ගුවන් යානයකින් මෙරටට රැගෙන ආ මෙම COVID-19  පර්යේෂණ කට්ටල තොගය ශ්‍රී ලංකා රජයේ වසංගත මර්ධන ක‍්‍රියාවලියට බෙහෙවින් උපකාරී වේ. මෙම පර්යේෂණ කට්ටල, වෛරස් මර්ධන තාක්ෂණික උපාංග නිෂ්පාදනයෙහිලා ලොව සුපතල DAAN Gene Co; සමාගමේ නිෂ්පාදනයකි. ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් Daraz ශ්‍රී ලංකා හි මව් සමාගම මේ වනවිට සිදු කර ඇති සම්පූර්ණ පරිත්‍යාගයේ වටිනාකම රුපියල් මිලියන 50 ඉක්මවයි.

    ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ Daraz ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂවරයා, දිනපතා නිවාස 15,000 කට අත්‍යාවශ්‍ය ආහාරපාන බෙදාහැරීමෙහිලා හැකියාවැති තම සමාගම සතු පුළුල් විකුණුම් හා බෙදාහැරීම් ජාලය පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය. Daraz මවු සමාගම වූ Alibaba වර්ෂ 2003 දී ී SARS ්ඍී වසංගත තත්ත්වය හමුවේ කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ අත්දැකීම් සිහිපත් කළ ප‍්‍රනාන්දු මහතා  ර්‍ණශ්‍රී ලංකාවට අපේ සේවය අත්‍යවශ්‍ය මෙවැනි මොහොතකදී, රජයේ නිරෝධායන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීමට අප ඉතා කැමැත්තෙන් සිටිනවා. අපේ පළපුරුදු කාර්ය මණ්ඩලය සමග එක්ව දිවයින පුරා ශ්‍රී ලාංකිකයන් රැසකගේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ අවශ්‍යතා ඉටුකරදෙන්නට අපට හැකියාව තිබෙනවා.” යැයි පැවසීය.

    මෙම පරිත්‍යාගයනට අමතරව, චීනයේ COVID-19  නිවාරණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් හා විශේෂඥයන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර වෛරස් මර්ධනයෙහිලා වෘත්තීය අත්දැකීම් හුවමාරු කරගැනීමට අන්තර්ජාලගත වීඩියෝ සම්මන්ත‍්‍රණයක් සංවිධානය කරන්නට Daraz ශ්‍රී ලංකා කටයුතු කරන ලදී.

    ඡායාරූපය - Daraz ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග භාරදීම

    Daraz ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු, අලෙවි ප‍්‍රධානී හේෂාන් පෙරේරා සහ ව්‍යාපෘති උපදේශක සමත් ගම්මපිල යන මහත්වරුන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාව අතරතුරදී