• Ada Derana BIZ Sinhala
  • Allianz Lanka
  • sri lanaka

අලියාන්ස් ලංකා සිය ව්‍යාපාර සංවර්ධන ජාලය පුළුල් කිරීමේ අරමුණින් යුතුව ක‍්‍රමෝපායික මෙහෙයුම් දියත් කරයි

July, 27, 2022

ගෝලීය Allianz සමූහයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, තම අනාගත සංවර්ධනය සහ ආයෝජනය තුළින් වෙළඳපොළ විනිවිද යාමේ අරමුණු උදෙසා දීපව්‍යාප්ත ව්‍යාපාර සංවර්ධන කාර්යාල ජාලය සහ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාවට නංවා තිබේ. එමෙන්ම දිවයිනේ ක‍්‍රමෝපායික ස්ථානයන් හි නව ව්‍යාපාර සංවර්ධන කාර්යාලයන් විවෘත කිරීමේ ක‍්‍රමවේදයක් අලියාන්ස් ලංකා විසින් අනුගමනය කරන අතර ඒ අනුව නාඋල සහ කලවංචිකුඩි යන ප‍්‍රදේශ වල නව ව්‍යාපාර සංවර්ධන කාර්යාල දෙකක් විවෘත කර ඇති අතර, ඉදිරියේදී ගොඩගම සහ දිගන යන ප‍්‍රදේශ වල තවත් කාර්යාල දෙකක් විවෘත කිරීමට සැලසුම් කර ඇත. මෙම නව කාර්යාල පිහිටුවීම තුළින් අලියාන්ස් ලංකා හට දැනටමත් කාර්යාල පිහිටා ඇති මහරගම, මහවැව, පාදුක්ක, කැලණිය මීගොඩ සහ වත්තල ප‍්‍රදේශයන් ඒකාබද්ධ කිරීමට හැකි වනු ඇත. ව්‍යාපාර සංවර්ධන කාර්යාලයන් මගින් ව්‍යාපාරයන්හි නිෂ්පාදනයන්, සේවාවන් සහ මෙහෙයුම් පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙන අතරම සහ නව ක‍්‍රමෝපාය, අදහස් තුළින් ව්‍යාපාරයේ සංවර්ධනය ඉහළ නැංවෙන අතරම පාරිභෝගික භවතුන් වෙත වැඩි වටිනාකමක් ලබා දීමද සිදුවනු ඇත.

සමාගමේ මෙම ක‍්‍රමෝපායික පුළුල් ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම පිළිබඳව අදහස් දැක්වූ ප‍්‍රධාන අලෙවි නිලධාරී ඩෙනිස් හේවාගම මහතා සඳහන් කර සිටියේ ”අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා තිරසාර වර්ධනයක් කරා සමාගම මෙහෙයවීමට එහි කළමනාකාරීත්වය සමත් වී ඇති බවයි. මේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින්, අපගේ ව්‍යාපාර කටයුතු දිවයින පුරාම ව්‍යාප්ත කිරීම සඳහා මේ ක‍්‍රමෝපායික වැඩසටහන අප ආරම්භ කළා. ව්‍යාපාර සංවර්ධන කාර්යාල වැඩි කිරීම මෙහි එක් පියවරක්. මෙමගින් එක් අතකින් ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් අත්වන අතර, අනෙක් අතින් අපගේ ව්‍යාපාර සංවර්ධන කණ්ඩායම් වලට මෙම ප‍්‍රදේශ වල නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමට අවස්ථාවක් ලැබෙනවා. දිවයින පුරා ක‍්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානවල ක‍්‍රියාකාරී ව්‍යාපාර සංවර්ධන කාර්යාල පිහිටා තිබීම, ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමයක් යටතේ වැඩ කිරීමට කැමති පළපුරුදු රක්ෂණ නියෝජිතයන් සමඟ එක්ව කටයුතු කිරීමට අපට වැඩි වැඩියෙන් අවස්ථාවන් සලසා දේවි. මේ සියල්ල, එක් අතකින් ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් සලසන අතරම, අනෙක් අතින් අදාළ ප‍්‍රදේශ වල ජනතාවට නව රැකියා සහ ජීවනෝපාය මාර්ග රැසක්ද උදාකර දෙනු ඇති බවට සැකයක් නැහැ.” යනුවෙනි.

මෙම නව ක‍්‍රියවලිය සමග අලියාන්ස් ලංකා හි ක‍්‍රමෝපායික පුළුල් ව්‍යාප්ත මෙහෙයුම තුළින් දිවයින පුරා ශාඛා ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් සමාගම ආයෝජනය කිරීම සිදු කරන අතරම සියලූම ශ‍්‍රීලාංකිකයන් හට රක්ෂණය වෙත පහසුවෙන් පිවිසීමටද හැකියාව සැලැස්වීම සිදු කරයි. මේ වනවිට එම සමාගම ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගමක් ලෙස පවතින අතර ජිවිතයේ වටිනාම දෑ උදෙසා රැකවරණය ලබා දීම මෙන්ම පවතින සබඳතා වර්ධනය කර ගන නව සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, සියලූම දෙනාට නව ආර්ථික හා සමාජයීය අවස්ථා උදාකර දෙමින් ඉදිරියටම යාම අලියාන්ස් ලංකා සමාගමේ ඉලක්කය වී තිබේ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා (Allianz Life Insurance Lanka Ltd) ජාත්‍යන්තර Allianz හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක‍්‍රියාත්මක වේ. ප‍්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත‍්‍ර වල ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz හි ප‍්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ‍්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.