අලුත්වැඩියාවට The Fortress Resort and Spa වසා දමයි

    June, 13, 2017

    ගාල්ලේ පිහිටි The Fortress Resort and Spa හෝටල් සංකීරණය නවීකරණ කටයුතු වෙනුවෙන් ඊයේ (12) දින සිට ජූලි 25 දින දක්වා වසා තැබෙන බව නිවේදනය කර සිටී.

    The Fortress PLC විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටින්නේ සිය සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමේ හා ගොඩනැගිලි, දේපළ තත්ත්වය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙම නවීකරණ කටයුතු සිදුකෙරෙන බවයි.