August, 29, 2022
ගල් අඟුරු සහ ඉන්ධන ආනයන පිළිබඳ ප්‍රසම්පාදනය වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කරනු ලබන බවත් එහි සභාපතිත්වය භාර ගැනීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට තමා යෝජනා කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකා මහතා කියා සිටියේ තමා එම තනතුර භාර ගැනීමට සූදානම් බවයි.
අමාත්‍ය කංචන විජේසේකර - අපි යෝජනා කරලා තියෙනවා, විශේෂයෙන්ම අලුතෙන් කාරක සභා කිහිපයක් පිහිටුවන්න. ඒ වගේම විපක්ෂය ඉල්ලලා තියෙනවා කාරක සභා කිහිපයක සභාපතිත්වය ලබාදෙන්න කියලා විපක්ෂයට. මම යෝජනා කළේ විශ්ෂයෙන්ම ගල් අඟුරු, ඉන්ධන ආනයනය පිළිබඳ ප්‍රසම්පාදනය වෙනුවෙනුත් මේ පාර්ලිමේන්තුවේ අලුත් කාරක සභාවක් ඇතිකරන්න, ඒ ඇති කරන එකේ විපක්ෂය නියෝජනය මන්ත්‍රීවරයෙක්ට ඒ සභාපතිත්වය ගන්න කියලා. මොකද එතුමා (පාඨලී චම්පික රණවක) දිගින් දිගටම යෝජනා කරලා තිබුණා, චෝදනා එල්ල කරලා තිබුණා, ඉන්ධන ආනයනය කිරීම ගල් අඟුරු ආනයනය කිරීම පිළිබඳව, ඒ නිසා මම පැමිණිල්ලකුත් දාලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඒකටත් එතුමාගේ (පාඨලී චම්පික රණවක) තොරතුරු දෙන්න. මම යෝජනා කරන්නේ ඒ කමිටුවේ සභාපතිත්වය ගන්න පුළුවන් නම් වඩා හොඳයි, එතකොට මේක නිවැරදිව ප්‍රසම්පාදන කටයුතු කරන්න පුළුවන් කියලා.
මන්ත්‍රී පාඨලී චම්පික රණවක - එතුමාගේ යෝජනාව, ඒක භාර ගන්න මම ලැහැස්තියි.
Video Story