January, 4, 2019
අවදානම් පදනම මත ඵලදායී ඒකාබද්ධ අධීක්ෂණය සිදු කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ප්‍රධාන අධීක්ෂක ලෙස කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ 2018 දෙසැම්බර් 31 දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.
මූල්‍ය සමූහ අධීක්ෂණය සඳහා ඒකාබද්ධ අධීක්ෂණය අත්‍යවශ්‍ය මෙවලමක් වේ. මෙමගින් විවිධ මූල්‍ය උප අංශයන්හි මෙහෙයුම් පවත්වා ගෙන යන ආයතනික සමූහවල සාමාජිකයින්ගේ සම්බන්ධකම් මගින් පැන නගින අවදානම් ඇගයීමට හා තක්සේරු කිරීමට ලක් වේ. මෙවැනි ආයතන මගින් පැන නැගිය හැකි, සමස්ත පද්ධතිය වෙතම බලපාන අවදානම සහ කීර්තිනාමය හානි වීමට ඇති අවදානම යන පද්ධතිමය අවදානම් මැඩපැවැත්වීම සඳහා මෙවැනි ආයතනවල මූල්‍ය සමූහයන්ගේ ඒකාබද්ධ අධීක්ෂණය අවශ්‍ය වේ.
මෙම නියාමන ආයතන ත්‍රිත්වයේ නියෝජිතයන් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් වජිර විජේගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් අවදානම් පදනම මත සිදු කෙරෙන ඒකාබද්ධ අධීක්ෂණය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ දී අත්සන් කරන ලදී.
Video Story