අවශ්‍ය නම් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානම් වන්න – IMF මහ බැංකුවට කියයි

    September, 29, 2017

    වසර තුළ පුරෝකථනය කරන ලද ආර්ථික වර්ධනය සියයට 4.5 ට මට්ටමට වඩා අඩු විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. අද (29) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට සංචාරයක් සඳහා එක් වූ නියෝජිත පිරිසේ ප්‍රධානී ජේවූ ලී මහතා මේ බව ප්‍රකාශ කළේය.

    තවද ඉදිරියේ දී ණය වර්ධනය හා උද්ධමනය පාලනය කිරීම සඳහා අවශ්‍යතාවයක් ඇතිවුවහොත් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානමින් සිටිය යුතු බව ලී මහතා මෙහිදී අවධාරණය කළේය.

    මේ අතර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ, නව දේශීය ආදායම් පනත සම්මත කර ගැනීම ශ්‍රී ලංකාවේ සමාජයීය හා ආර්ථික අභිමථාර්ථයන් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවයි.