March, 26, 2019
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව විදුලිබලය අත්හිටුවීමක් සිදුකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා පවසයි. ඒ මහතාමේ බව කියා සිටියේ අද දෙරණ Big Focus සම්මුඛ සාකච්ඡාව සමඟ එක්වෙමිනි.
“විදුලි කප්පාදු කරනවා නම් මහජන උපයෝගීතා කොමිෂං සභාවේ අවසරය ලබා ගත යුතුයි. තාම ඉල්ලීමක් ලැබිලා තිබුණේ නැහැ.“
“විදුලිබල පනතින් කොමිෂං සභාවට පැවරිලා තියෙන බලතල ප්‍රකාරව, ඉදිරියේ දී එවැනි නීතිමය තත්ත්වයන්ට අනුකූල නොවන අවස්ථාවල දී ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පියවර ගන්නවා“, යැයි ඒ මහතා මෙහිදී පැවසීය.
Video Story