අශෝක් පතිරගේ රු. කෝටි 30 කට Cotton Collection මිල දී ගනී

    August, 29, 2018

    ශ්‍රී ලංකාවේ තවත් සුපිරි විලාසිතා සන්නාමයක් වන Cotton Collection හි සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් අනුබද්ධිත සමාගමක් වන ඔඩෙල් පීඑල්සී ඊයේ (28) කටයුතු කර ඇත.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔඩෙල් පීඑල්සී වැඩිදුරටත් දන්වා සිටින්නේ Cotton Collection (පුද්) සමාගම අත්පත් කර ගැනීම සඳහා රු. මිලියන 300 ක ආයෝජනයක් සිදුකර ඇති බවයි.

    ඊයේ (28) දිනයේ දී Cotton Collection නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් Cotton Collection කළමනාකාර අධ්‍යක්ෂිකා නිලූෆර් එසුෆාලි අන්වර්අලි සඳහන් කර සිටින්නේ සිය පුද්ගලික ජීවිතයට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් වසර 27 ක් පුරාවට ගොඩනඟා ගත් Cotton Collection පවුලෙන් සමුගැනීමට කාලය එළඹ ඇති බවයි. එම සටහන පහතින් දැක්වේ.

    මෙරට දැවැන්ත විලාසිත සන්නාමයක් වූ ඔඩෙල් පිඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය 2014 සැප්තැම්බර් මාසයේ දී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් විසින් අත්පත් කරගන්නා ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ.

    ඔඩෙල් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 98% ක කොටස් අයිතිය සොෆ්ට්ලොජික් සමූහය සතුවේ.