August, 16, 2018
එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව, එම එක් එක් රටවලට විශේෂිත වූ ඩිජිටල් ප්රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ ඇත.
ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඩිජිටල් ප්රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඩිජිටල් ස්ප්‍රිං ලිමිටඩ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 703,480 ක මුදලකටද, ජර්මනිය තුළ ඩිජිටල් ප්රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම මීඩියා කන්සල්ටන්ට් ඉන්ටනැෂනල් හෝල්ඩිංස් ඒජී ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 697,770.92 ක මුදලකටද, ප්‍රංශය තුළ ඩිජිටල් ප්රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉන්ටෆේස් ටුවරිසම් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 706,460 ක මුදලකටද, ප්රදානය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story