December, 20, 2018
අද (20) දින දිවුරුම් දෙන ලද නව අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය ව්‍යාපාර භාර අමාත්‍යවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිවුරුම් දෙන ලදී. මීට අමතරව කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන යන අමාත්‍යාංශ ද ඔහු යටතට පත් කර ඇත.
මේ අතර සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මලික් සමරවික්‍රම මහතා දිවුරුම් දුන් අතර වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙසින් නවීන් දිසානායක මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙසින් රිෂාඩ් බදුර්දීන් මහතා ද අද දින දිවුරුම් දෙනු ලැබීය.
Video Story