ආණ්ඩුවේ විදෙස් ණය මාස 09 කදී 15.9% කින් වැඩිවෙලා

    December, 10, 2018

    පසුගිය 2017 වසර අවසානයේ දී රුපියල් බිලියන 4,718.6 ක්ව පැවති මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය 2018 සැප්තැම්බර් මාසය අවසාන වන විට රුපියල් බිලියන 5,469.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාන වාර්තා පෙන්වා දේ. මෙය වසරේ මුල් මාස 09 තුළ දී රජයේ විදෙස් ණය ප්‍රමාණයේ 15.9% ක වැඩි වීමකි.

    මේ අතර රජයේ දේශීය ණය ප්‍රමාණය 2018 සැප්තැම්බර් මාසය අවසානය වන විට රුපියල් බිලියන 5,802.3 ක් ලෙසින් සටහන් වන අතර මෙය 2017 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 5,594.4 හා සැසඳීමේ දී 3.71% ක ඉහළ යාමකි.

    මේ අනුව මධ්‍යම රජයේ සමස්ත දේශීය හා විදේශීය ණය ප්‍රමාණය 2018 මුල් මාස 09 තුළ දී රුපියල් බිලියන 10,313.0 සිට රුපියල් බිලියන 11,271.4 ක් දක්වා 8.32% කින් ඉහළ ගොස් තිබේ.