September, 21, 2022
ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති වරාය ගුවන් සේවා සංවර්ධන බදු, සෙස් බදු සහ රේගු ගාස්තු අඩු කිරීම සඳහා ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
අද (21) දින පාර්ලිමේන්තුවේ දී ඇයි මේ බව අනාවරණය කළාය.
ඒ අනුව දැනට ඇත්තේ මෙම කරුණ ගැසට් කරවා ගැනීම බවත්, එසේ ගාස්තු අඩු කළ වහාම අලෙවිකරුවන්ට පැරණි මිල ගණන්වලටම මෙම සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමට සිදුවන බවත් රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.
මේ අතර පාසල් දැරියන්ට රු. 150ක මිලකට සනීපාරක්ෂක තුවා මාස්පතා ලබා දීමට මෙරට දේශීය නිෂ්පාදකයෙකු මේ වන විට කැමත්ත පළ කර ඇති බව ද ඇය මෙහිදී සඳහන් කළාය.
සබැඳි පුවත්,
September, 20, 2022
Video Story