ආනයන අපනයන ප්‍රතිපත්ති පාඨමාලාව සාර්ථකව නිම වෙයි

    November, 20, 2015

    ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මගින් මෙහෙයවන ආනයන අපනයන ප්‍රතිපත්ති ප්‍රතිපත්ති පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ 35 වන කණ්ඩායම ශ්‍රී ලංකාවේ නාවික හමුදාව නියෝජනය කරන ලූතිනන්වරුන් හා උප ලූතිනන්වරුන්ගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේදී පැවති පස් දින නේවාසික වැඩමුළුව පසුගියදා සාර්ථක අන්දමින් නිමාවට පත් විය.

    ආනයන අපනයන ක්ෂේත්‍රයේදී අනුගමනය කළ යුතු දේ පිළිබඳ විධිමත් හා න්‍යායාත්මක පාඨමාලාව ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින ක්‍රමවේදයන් පිළිබඳ මෙහිදී ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කළ විෂය නිර්දේශයක් යටතේ අවශ්‍ය පුහුණුව ලබාදෙන ලදී.

    නිර්බාධා ආනයන අපනයන කි්‍රයාකාරිත්වයක් පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳ හා එකිනෙකට වෙනස් ආනයන අපනයන ප්‍රතිපත්ති යටතේ ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්භාවය ලබාදීම මෙහිදී සිදුවිය.

    ආනයන අපනයන ක්‍රියාකාරිත්වයේදී සෘජුව හා වක්‍රව සම්බන්ධ වන එකිනෙකට වෙනස් ආයතන රැසක් සමග මෙහෙයුම් කටයුතු සිදු කිරීමේදී මතුවන අර්බුධකාරී තත්ත්වයන් සමනය කර ගැනීම ඇතුළු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් වශයෙන් මෙම පාඨමාලාව තුළදී අවධානයට ලක් කෙරිනි.

    මෙහිදී ආයෝජන මණ්ඩලය, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව හා අපනයන උපදේශක හා කළමණාකාර ආයතනය - නුගේගොඩ සම්පත් දායකත්වය ලබා දෙන ලදී.