January, 26, 2020
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ආබාධිත දරුවන් සඳහාම වෙන්වුණු ආයති ජාතික මධ්‍යස්ථානය පසුගියදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදි.
ආබාධිතභාවය මේ වනවිට රටේ ජාතික ගැටලූවක් ලෙස හඳුනාගෙන තිබේ. දැනට පවතින දත්ත අනුව දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ (එනම් 20% ක්) කායික හෝ මානසික ආබාධයකින් පෙළේ. කෙසේ වුවද කල්තබා හඳුනාගතහොත් ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිකර්ම ලබා දීමෙන් ඔවුන්ව වඩාත් ඵලදායි ලෙස සමාජගත කල හැකි වේ. මෙම ගැටලූවට විසඳුමක් සැපයීම සඳහා රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයක් ඇතිකරගත යුතුව පැවතිණි. ඒ අනුව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉඩමක් සහ වෛද්‍ය සේවාවන් ලබාදීමට ඉදිරිපත් වූ අතර, මෙරට ප‍්‍රමුඛතම සමූහ ව්‍යාපාර දෙකක් වනHemas Holdings සහMAS Holdings සමාගම් ප‍්‍රධාන අරමුදල් දායකයන් ලෙස ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් මාස 13 ක් තරම් කෙටි කාලයක් තුළ ආයති මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නොමිලයේ ඉටුකර දෙන ලදි. ශ‍්‍රව්‍ය උපකරණ සඳහා රොටරි සමාජයේ දායකත්වය ලැබුණු අතර ‘රොෂාන් විජේරාම පවුල් පදනම’ තවත් එක් ප‍්‍රධාන අරමුදල් දායකයෙකු ලෙස ඉදිරිපත් විය. මෙලෙස විවෘත වූ අයති මධ්‍යස්ථානයේ සේවාවන් සියලූ ශ‍්‍රී ලාංකීය අබාධිත දරුවන් හට නොමිලේ ලබා දෙනු ඇත.
ආයති මධ්‍යස්ථානය තුළ සෑම සතියේ දිනකම විවිධ අංශයන් සඳහා සායනික සේවාවන් පැවැත්වීමට සැළසුම් කර ඇත. සියලූම කායික සහ මානසික ආබාධ සඳහා මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුළුව කථන හා භාෂා චිකිත්සාවන්, ශ‍්‍රවණ ප‍්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුළු පුළුල් සේවාවන් රාශියක් මෙමගින් ආවරණය වනු ඇත. ඉහළම ප‍්‍රමිතීන්ට අනුව ස්ථාපිත කර ඇති ආයති මධ්‍යස්ථානය නවීනතම ශ‍්‍රවණ ප‍්‍රතිකාර ඒකකයකින් මෙන්ම, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සංවේදක කාමරය, විවිධ ක්ෂේත‍්‍ර ආවරණය කරන පුහුණු මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ හා සංවර්ධන අංශයක් ඇතුළුව පහසුකම් රාශියකින් සමන්විත වේ. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට අනුබද්ධිත ඉහළ සුදුසුකම් ලත් වෘත්තීය විශේෂඥයන් විසින් මෙහි සායන පවත්වනු ඇත. ආයති මධ්‍යස්ථානය ඉහළ ප‍්‍රමිතීන් ගෙන් යුත් සේවාවන් ලබා දීම සහතික කරනු වස් සේවාවන් ලබාගැනීමේදී කල්තබා වේලාවන් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ. සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ 011 5960050 අංකය ඇමතීමෙන් වේලාවන් වෙන්කරවා ගැනීම සිදුකළ හැක.
කැලණිය විශ්ව විද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පිඨයේ ඉදිකරන ලද ආයති මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැයවුණු මුදල රු. මිලියන 550 කි. මෙහි සේවාවන් නොමිලයේ සපයනු ලබන බැවින් මෙහි මෙහෙයුම් තිරසාරාත්මකව හා අඛණ්ඩ ලෙස සිදු කරගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් එක්රැුස් කිරීම අයති භාරකාරත්වය මඟින් සිදු කරමින් පවතියි.
සංස්කෘත භාෂාවෙන් ”බලාපොරොත්තුව” යන වචනයෙන් උපුටා ගත් අයති’ ආබාධිත දරුවන්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට උපකාර කිරීම අරමුණු කරගත් දිගුකාලීන තිරසාර ජාතික වැඩසටහනකි. මෙහි අවසාන පරමාර්ථය වන්නේ අබාධිත දරුවන් සමාජයට ථලදායී ලෙස ඒකාබද්ධ කිරීමට අවස්ථාවක් නිර්මාණය කිරීමයි. මෙමගින් එම දරුවන්ට සාර්ථක ලෙස පොදු සමාජය සමග ගනුදෙනු කිරීමට සහ ඒ ඔස්සේ අනාගතයේදී ස්වාධීන හා ඵලදායී ජීවිත ගතකිරීමට අවස්ථාව සැලසේ. මෙම ජාතික හා සමාජයීය ගැටලූව සම්බන්ධයෙන් ජනතාවගේ අවබෝධය පුළුල් කරවීමටත්, මේ සම්බන්ධ දුර්මත දුරු කරවීමටත් ආයති මධ්‍යස්ථානය කැපවනු ඇත.
මේ වනවිට ආයති මධ්‍යස්ථානය ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් විවෘත වී තිබේ. ආබාධ සම්බන්ධයෙන් මෙතෙක් මෙරට ජනතාවට පහසුවෙන් ලබාගත නොහැකිව තිබූ සේවාවන් රාශියක් මෙම මධ්‍යස්ථානය මගින් ලබාදෙනු ඇත. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉදිරියේදී රටපුරා වෙසෙන, මෙබඳු සේවාවන් අවශ්‍ය එහෙත් ඒවා සඳහා වැයවන වියදම් දරාගැනීමට නොහැකි ජනතාවට සේවාවන් සැලසීමට හැකිවන අයුරින් මෙම මෙහෙවර තවදුරටත් පුළුල් කිරීමට ආයති භාරය බලාපොරොත්තු වේ.
ආයති භාරය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස ක‍්‍රියාත්මක වන අතර එය භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ. වැඩි විස්තර සඳහා අඅඅග්හ්එසගකන වෙත පිවිසෙන්න.
ආයති භාරයේ ගිණුම් අංකය: 84904435 (ලංකා බැංකුව - Personal Branch)
ඩයලොග් දුරකථන මගින් දායක වීම සඳහා (රු. 2500/- දක්වා) : Donate(හිස්තැනක්)Ayati(හිස්තැනක්) මුදල සඳහන් කර 366 ට SMS පණිවිඩයක් යොමුකරන්න.




Video Story