ආයෝජන විශ්වාසය තවම ගොඩනැගී නැහැ – මහාචාර්ය සිරිමල් අබේරත්න

    October, 31, 2017

    පසුගිය කාලය පුරාවට මෙරට තිබෙන ලොකුම ප්‍රශ්නය වනුයේ අයෝජන විශ්වාසය මෙතෙක් ගොඩ නැගී නොතිබීම බව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. පසුගිය දා අද දෙරණ - අයවැය 2018 විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා මෙසේ පැවසීය.

    “පෞද්ගලික අංශය තොරම් දුරකට මේ ආර්ථිකයේ ආයෝජන කටයුතු සිදුකිරීම විශ්වාස කරනවාද යන්න මත ආර්ථිකයක පෞද්ගලික අංශයේ කාර්යභාරය තීරණය වෙනවා. එය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ද සැලකෙනවා. ආර්ථිකයක ආයෝජන වැඩිවෙන්න නම්, ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් වැඩි විය යුතුයි.  එහිදී දේශීය ආයෝජකයින්ගේ හැකියාව ප්‍රමාණවත් වෙන්නේ නැතිනම්, එතැනට විදේශීය ආයෝජකයින් පැමිණිය යුතුයි. මේ සඳහා ආයෝජක විශ්වාසය ගොඩනඟා ගැනීමට පුළුල් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා. පසුගිය කාලයක් තිස්සේම මෙරට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආයෝජන විශ්වාසය තවම ගොඩනැඟිලා නැහැ. යුද්ධය අවසන් වුණත්, තවම අපිට ඩොලර් බිලියන 1 ට වඩා විදේශ ආයෝජන ආවේ නැහැ.“

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.