• Ada Derana BIZ Sinhala
  • Economic growth
  • Economic revival
  • sri lanka

ආර්ථික පුනර්ජීවනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

September, 13, 2022

ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීම

වත්මන් අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය සඳහා ඉහළ ප්‍රමුඛතාවයකින් යුතුව ගත යුතු පියවරයන් සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගත යුතුව ඇත.

ඒ අනුව, ජාතික ආර්ථික කලමනාකරණ කාර්යයන් සඳහා අවශ්‍ය වන ක්‍රමෝපායික මග පෙන්වීම ලබා දීම පිණිස ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය පිලිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ.

එකී කමිටුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මන්ඩලයේ අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විතව පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.