ආර්ථික සේවා ගාස්තු, දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

    November, 6, 2019

    2019 ජාතික අයවැය යටතේ ඉදිරිපත් කරන ලද බදු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සහ ආදායම් යෝජනා සහ සහන ක්‍රියාත්මක කිරීම පිණිස කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.