ආර්පිකෝ ෆයිනෑන්ස් සහ රිචඩ් පීරිස් ඒකාබද්ධ කතාව වැරදිලු

    March, 14, 2014

    ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම සමග ඒකාබද්ධ කිරීමට සූදානම් වන්නේ යැයි පළවී ඇති මාධ්‍ය වාර්තා වැරදි බව ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම සඳහන් කර තිබේ.

    මහ බැංකුව විසින් මූල්‍ය අංශය සම්බන්ධයෙන් දියත් කර තිබෙන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ආර්පිකෝ ෆයිනෑන්ස් සමාගම විසින් පාර්ශව කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් සමාගම කියයි.

    මෙම සාකච්ඡා පවතින්නේ මුල් අදියරේ බවත් එවැනි ඒකාබද්ධ කිරීමක් සිදුවන විට කොටස් කරුවන්ට දැනුම් දෙන බවත් සඳහන්ය.