ආරුගම්බේ ජාතික Surfing ශූරතාවලිය 2020 සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස මොබිටෙල් අනුග‍්‍රහය

    September, 21, 2020

    ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් ජාතික ආරුගම්බේ ජාතික Surfing ශූරතාවලිය 2020 සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස මොබිටෙල් අනුග‍්‍රහයශූරතාවලිය සඳහා නිල සන්නිවේදන සහකරු ලෙස අනුග‍්‍රාහක දායකත්වය ලබාදීමට පෙරට පැමිණ ඇත. ශ‍්‍රී ලංකා රළ මත ලිස්සායාමේ සංගමය(Surfing Federation of Sri Lanka) විසින් සංවිධානය කරන ජාතික රළ මත ලිස්සායාමේ ශූරතාවලිය සියලූ දෙනාම අපේක්ෂාවෙන් බලා සිටි ක‍්‍රීඩා ශූරතාවලියක් වන අතර 2020 සැප්තැම්බර් මස 27 සිට 29 දක්වා ආරුගම්බේ වෙරළ තීරයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

    මෙම ශූරතාවලිය තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශයේ කාලෝචිත පියවරකි. මෙම අමාත්‍යාංශ දෙකෙහි ඒකාබද්ධ කැපවීම ලංකාවේ රළ මත ලිස්සායාමේ ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීමට පමණක් නොව සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට සහ එම ක්ෂේත‍්‍රය නැවත ගොඩනැංවීමට සිදුකරන කර්තව්‍යයකි.

    දේශීය සහ විදේශීය රළ මත ලිස්සායාමේ ක‍්‍රීඩාවෙහි යෙදෙන දහසක් ක‍්‍රීඩකයන්ගේ බලාපොරොත්තු දැල්වීම සඳහා එම ශූරතාවලියේ සන්නිවේදන සහකරුවා ලෙස මොබිටෙල් සිය දායකත්වය ලබාදීමට පෙරට පැමිණ ඇත. සැප්තැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන ලෝක සංචාරක දිනයට සමගාමීව අති උත්කර්ෂවත් අන්දමින් ඇරඹෙන මෙම රළ මත ලිස්සායාමේ ශූරතාවලිය සඳහා දෙස් විදෙස් ක‍්‍රීඩකයන් 70ක් පමණ සහභාගී වේ.

    ඔබ සමඟ සෑම විටම රැඳී සිටිනා සන්නිවේදන ජාලයක් ලෙස මොබිටෙල් තාරුණ්‍ය නිපුණතා බලගන්වමින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය ගොඩනැංවීමට කැපවෙයි.