ආලෝකකරණ අවශ්‍යතා සඳහා ඩීමෝ ලුමින් වෙතින් විසඳුම් රැසක්

    January, 28, 2020

    වෙළඳපොළ තුළ  ඉතාමත් කෙටි කලකින්  ආලෝකකරණ ක්ෂේත්රයේ වඩාත්ම පිළිගත් වෙළඳ නාමයක් බවට පත් වූ ඩීමෝ  LED ඉතා විශාල වපසරියකින් යුක්ත තමන්ගේ නිෂ්පාදන වල ඇති ගුණාත්මකභාවය හා ඒවා භාවිතයේ වැදගත්කම තවදුරටත් දේශීය පාරිභෝගික ප්රජාව වෙත සිහිපත් කරවීම පිණිස ඩීමෝ ලුමින් ලෙස නවතම මුහුණු වරකින් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇත.

    ඩීමෝ LED වෙළඳ නාමය දේශීය වෙළඳපොළ හඳුන්වා දී වසර 02ක් පමණ වන කෙටි කාලය ඇතුළත මෙවන් ආකර්ෂණයක් ලබා ගැනීම පිටුපස ඇත්තේ අන් කවරක් නොව ඔවුන්ගේ නිෂ්පාදනයන්හි ඇති බල ශක්ති කාර්යක්ෂමතාවය සහ ඉහළ ගුණාත්මක බවයි. නිරන්තරයෙන්ම පාරිභෝගිකයින්ගේ අවශ්යතාවයන් උපරිමයෙන් ඉටු කිරීමට දරණ උත්සාහය නිසාවෙන් ඕනෑම ආලෝකකරණ අවශ්යතාවයකට ගැළපෙන විවිධාංගීකරණය වූ නිෂ්පාදනයන්  රැසක් ඔවුන් සතුව පවතී.

    වර්තමානයේ ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් වල බලපෑම ඉතා අහිතකර ලෙස දැනීම මිනිසා විසින් තම පරිසරය පිළිබඳව නොසලකා හැර කටයුතු කිරීමේ අතුරු ප්රථිපල ලෙස හඳුනාගෙන තිබේ. පරිසරය කෙරෙහි වැඩි නැඹුරුවක් සහිත ජීවන තත්වයක් පවත්වාගෙන යමින් පරිසර හිතකාමී විසඳුම් කරා යොමුවීමේ වැදගත්කම ඩීමෝ  නිරන්තරයෙන්ම අවධාරණය කර සිටී. පරිසර හිතකාමීත්වය සිය මූලික හර පද්ධතීන්ගේ කොටසක් බවට පත් කරගෙන ඇති ඩීමෝ සමූහය එවන් ප්රමිතීන් තම පාරිභෝගිකයින් පමණක් නොව මුළු මහත් පොදු ජනතාව වෙතටද ප්රේෂණය කිරීම තම සමාජ වගකීමක් ලෙස සලකුණු ලබයි. හුදෙක් ලාභය මත පදනම් නොවෙමින් පාරිසරික සාධකයන් වෙනුවෙන් යම් අවස්ථාවලදී යම් නිෂ්පාදනයන් සඳහා තමා විසින්ම නිර්ණායකයන් පැනවීම මඟින් ඩීමෝ  මෙම කාරණය සම්බන්ධව ඔවුන්ගේ ඇති මැදිහත්වීම පෙන්වාදෙනු ලැබ ඇත.

    වසර දෙකකට අධික කාලයක් පුරාවට ආලෝකකරණ ක්ෂේත්රයට අදාළ වෙළඳපල තුළ නායකත්වය දැරූ ඩීමෝ LED ගෘහස්ත භාවිතාවන සාමාන්ය විදුලි බුබුලුවල සිට අනෙකුත් LED ආශ්රිත නිෂ්පාදනයන් භාවිත කරන විශාල පාරිභෝගිකයින් පිරිසක් තමන් වෙත රඳවාගෙන ඇත. සෑම ශ්රී ලංකික පුරවැසියෙකුම වර්තමානයේ ලෝකය අභිමුව ඇති බලශක්ති අර්බුදය පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමෙ වැදගත්කම ඉස්මතු කරන ඩීමෝ  ලුමින් බලශක්ති සංරක්ෂණය පිළිබඳ සමාජ දැනුවත් බව වැඩිදියුණු කිරීමටද ඇපකැප වී කටයුතු කරයිවඩා වැඩි කල්පැවැත්මක් හා කාර්යක්ෂමතාවයකින් යුතු නිෂ්පාදනයන් පාරිභෝගිකයින් අතට පත්කිරීම පත්කිරීම මූලික වගකීම කොට ගත් ඩීමෝ ලුමින් තම සියලුම LED මාදිලියන් සඳහා කල් පැවැත්ම හා වගකීම  පිළිබඳ සහතිකයක් නිකුත් කරමින් එය මනාව තහවුරු කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ඩීමෝ රිටෙල්හි ප්රධාන මෙහෙයුම් නිලධාරී විරංග වික්රමරත්න මහතා සඳහන් කලේ පසුගිය වසර දෙකක කාලය පුරා වෙළඳපළ තුල ආධිපත්ය ගොඩනගා ගත් වෙළඳ නාමයක් ලෙස ඩීමෝ LED ලබා ඇති ජයග්රහණයන් පිළිබද ආඩම්බරයට පත්වන අතරම තවදුරටත් ඩීමෝ ලුමින් ලෙසින් ශ්රී ලංකාවේ ගෘහයන්ට පරිසර හිතකාමී සහ තත්වයෙන් ඉහළ ගුණාත්මක නිෂ්පාදනයන් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, තම පාරිභෝගිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බවයිතවද පාරිභෝගිකයින්ට  තමන්ගේ නිවෙස්වල ආලෝකකරණ විසඳුම් වෙනුවෙන් ඩීමෝ ලුමින් තෝරා ගැනීම දිරිමත් කිරීමට එම සන්නාමය යළිත් එළිදක්වන ප්රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට   ලැබීම පිළිබඳ සතුටට පත්වන බවද එතුමා වැඩි දුරටත් ප්රකාශ කර සිටියේය

    නවතම ඩීමෝ ලුමින් මාදිළින්හි නිෂ්පාදන සාමාන්ය භාවිතය සඳහා වූ ඩීමෝ ලුමින් LED, අධි බලැති ඩීමෝ ලුමින් LED බල්බ  (DIMO Lumin LED High Power bulbs), ඩීමෝ ලුමින් LED මැග්නොලියා, කැඩල් ලයිට් (DIMO LED Candle Light), LED පැනල් ලයිට්,LED ෆ්ලඩ් ලයිට් (LED Flood Lights), ටියුබ් ලයිට් ඇතුළු විශාල පරාසයක නිෂ්පාදන දක්වා විහිදී තිබේ. මෙම නිෂ්පාදන අතරට එක් වූ මීටර 6ක් දක්වා ප්රදේශයක් ආවරණය වන පරිදි ආලෝකය ලබා දීමට හැකියාව ඇති ඩීමෝ ලුමින් LED සෙන්සර් ලයිට්ස් සහ ඉමජන්සි ලයිට්ස් (Emergency Lights) වෙළඳපොළ තුළ දැඩි ඉල්ලුමක් හිමි කර ගන්නා බව නිසැකයෙන්ම කිව හැකිය.

    ඉමජන්සි ලයිට්ස් (Emergency Lights) ඩීමෝ ලුමින් වෙතින් පිරිනැමෙන විශේෂිත නිෂ්පාදනයක් වන අතර, විදුලිය නොමැති අවස්ථාවකදී මෙන්ම, අඳුරු පරිසරයකදී භාවිතයට ගැනීම සඳහා, අවශ්ය ඕනෑම අවස්ථාවක සිටුවා හෝ එල්ලා තැබිය හැකි පරිදි නිම කර තිබේ. ඩීමෝ ලුමින් නිෂ්පාදන පෙළට කුඩා දරුවන්ගේ කාමර සඳහා යෙදිය හැකි, LED සෙන්සර් ලයිට්ස් හා සෙන්සර් නයිට් ලෑම්ප්ස් ද ඇතුළත් වේ. චලනයන් හඳුනා ගන්නා විටෙක දැල්වෙන සංවේදක බල්බයකින් සෙන්සර් ලයිට්ස් සමන්විත වෙයි. නයිට් ලෑම්ප්ස් ක්රියාත්මක වන්නේ, කාමරයේ ආලෝකය නිවී ගිය අවස්ථාවක ය.

    මෙම LED බල්බ භාවිත කිරීමෙන් සැලසෙන වාසි බොහෝ වන අතර, විදුලි කාර්යක්ෂමතාවයෙන් ඉතා ඉහළ වීම හා පරිසර හිතකාමී බව ඒ අතර වඩා වැදගත් වෙයි. සාමාන්ය විදුලි බල්බ හා සැසඳීමේදී කල් පැවැත්ම අතින් LED බල්බ දිගු කාලයක් දැල්වේ. ඒවා කාල පරීක්ෂණයන්ට භාජනය කරමින් උසස් ප්රමිතියට නිෂ්පාදනය කර ඇති නිසාම, පහසුවෙන නොකැඩෙනසුලු  භාවයෙන් මෙන්ම, කල් පැවැත්මෙන්ද ඉහළය.

    අඩු වෝල්ටීයතාවයකින් යුතු අවස්ථාවක වුවත් LED ආලෝකකරණය භාවිත කිරීමට හැකිවීම නිසාම නිවසින් පිටස්තරවද, නිවස අවට පරිසරයේ මෙන්ම රාත්‍රී එළිමහන් කඳවුරු සඳහාද ප්‍රයෝජනවත් වේ. ඩීමෝ ලුමින් හි LED බල්බ නිෂ්පාදන පෙළ SLS තත්ත්ව සහතික දිනා සිටින අතරම වායු විමෝචනයෙන් තොර රසදිය අඩංගු නොවන නිෂ්පාදන වන අතර කල් පැවැත්ම අතින්ද ඉතා ඉහළය.  මෙම බල්බ වසර දෙකක වගකීම් සහතිකයක් සමගින් මිලදී ගත හැකි වීම පාරිභෝගිකයින්ට අත්වන අමතර වාසියකි. ඩීමෝ ලුමින් වෙතින් පිරි නැමෙන LED බල්බ මාදිලි පෙළ, කල්පැවැත්ම සහතික කරන තත්ත්වයෙන් ඉතාමත් ඉහළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කර තිබේ.