ආසියානු නිෂ්කාශන සංගමයේ වාරික ගෙවීම් ශ්‍රී ලංකාවේ සංචිත පහත දමයි

    April, 9, 2018

    රටෙහි නිල සංචිත ප්‍රමාණය 2017 වසර අවසානයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 8.0 සිට 2018 වසරේ ජනවාරි මාසය අවසානය වන විට ආනයනික මාස 4.3 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7 දක්වා පහළ ගිය අතර, මාසය තුළ දී ආසියානු නිෂ්කාශන සංගමය (Asian Clearing Union - ACU) වෙත ගෙවීමට නියමිත වාරික ගෙවීම් මේ සඳහා මූලික වශයෙන් හේතු විය.

    2018 වසරේ ජනවාරි මාසය අවසාන වන වට, බැංකු අංශයේ විදේශ වත්කම් ද ඇතුළත්ව මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2017 වසර අවසානයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 10.4 සිට එක්සත් ජනපද ඩොලර් බිලියන 10.0 (ආනයනික මාස 5.7 කට ප්‍රමාණවත් වන පරිදි) දක්වා අඩු විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්තික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2018 ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සටහන් වේ.