ආසියානු පැසිෆික් WTTx සමුළුව විසින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිමත් නිවාස සංවර්ධනයට මං සලසයි

    October, 26, 2018

    සියලු දෙනාටම පහසුවෙන් මිළදී ගත හැකි ස්ථාවර  රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ගෙන ඒමට පියවර ගනී.

    GTI,Informa සහ Huawei සමාගම් එක්ව ආසියා පැසිෆික්  WTTx (ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය) සමුළුව පසුගියදා සාර්ථකව නිමා කරනු ලැබුයේ 'සෑම ගෘහයකටම පහසු සහ වේගවත් ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්, යන තේමාව යටතේ ය. ආසියා පැසිෆික් කලාපයේ ගෘහයන් තුල අන්තර්ජාල සැපයුමේ වර්ධනය වේගවත් කිරීම, හිතකර ප්‍රතිපත්ති හා රෙගුලාසි වල සාධාරණත්වය වැඩිදියුණු  කිරීම, අන්තර්ජාල යටිතල පහසුකම් සම්බන්ධතා කර්මාන්තයේ සියලුම පුරුක් එක් කරමින් හිතකර හා තිරසාර ව්‍යාපාර පද්ධතියක් ගොඩනැගීම කේන්ද්‍ර කර ගනිමින් මෙහිදී සාකච්ඡා පැවැත්වීය.
    මෙම සමුළුවේදී Huawei සහ ආසියානු පැසිෆික් කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියාමකයින් සමග ප්‍රධාන මෙහෙයුම්කරුවන් හා අන්තර්ජාල යටිතල පහසුකම් කර්මාන්තයේ සංවිධාන එක්ව ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් සංවර්ධනය සඳහා තිරසාර කර්මාන්ත පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හා විවිධ භූගෝලීය ප්‍රදේශවලට ඩිජිටල් තාක්ෂණය ගෙන යාමේදී ඇති වන විෂමතා අවම කර ගැනීම අවශ්‍ය කි්‍රයාමාර්ග පිළිබඳව ඒකාබද්ධ සාකච්ඡාවක් පවත්වන ලදී. මෙහිදීි තවදුරටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියාමකයින් විසින් කථාබහ කරනු ලැබුවේ අනාගතයේදී ආසියානු පැසිෆික් කලාපය තුළ උපරිම ප්‍රයෝජනයක් අන්තර්ජාල තාක්ෂණයෙන් ලබාගැනීම උදෙසා ප්‍රතිපත්ති, රෙගුලාසි, බදු මෙන්ම සහනාධාර ලබාදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි.
    2018 ITU සමුළුවේ දක්වා ඇති ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ඉලක්ක අනුව ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් හි වර්ධනයේ වේගය ඉදිරි වසර 3-5 අතරේදී, 18% - 50% දක්වා ඉහළ යනු ඇත. තවදුරටත් විවිධාකාර ජංගම දුරකථන උපාංග මෙන්ම ඇප්ස් තමන් ජීවත්වන නිවස හා සම්බන්ධ විය හැකි අන්දමින් නිර්මාණය වන අතර එහිදී ස්ථාවර රැහැන් රහිත බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රවිශ්ඨය, එහි පුළුල් ආවරණය සහ අඩු පිරිවැය තීරණාත්මක සාධක වනු ඇත. WTTx යනු ගෘහස්ත බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා 4G/4.5G තාක්ෂණය භාවිත කරමින් වඩා අඩු පිරිවැයක් මෙන්ම ඵලදායීත්වයක් සහිතව ෆයිබර් තාක්ෂණය තුළින් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ වීමයි.
    අඩු ස්ථාපන පිරිවැයකින් සහ මෙහෙයුම් පිරිවැයකින් යුතු  WTTx  තාක්ෂණය දැනට රටවල් කිහිපයකටම වේගයෙන් අන්තර්ජාල පහසුකම ලබාදෙන තාක්ෂණයක් බවට හඳුන්වා දිය හැකිය. තවදුරටත් 4G ආශ්‍රිත වේග පරීක්ෂණ මගින් තහවුරු කර ඇත්තේ WTTx  හරහා සාමාන්‍ය ස්ථාවර (Fixed) බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයට වඩා වේගයෙන්  WTTx හරහා අන්තර් ජාලයට සම්බන්ධ විය හැකි බවයි.

    මෙම සමුළුව ඇමතූ ඩයලොග් සමූහයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ප්‍රදීප් ඩී අලේමේදා මහතා සඳහන් කළේ  ලංකාව තුල WTTx තාක්ෂණය සඳහා වෙළඳපලක් බිහි වී ඇති බවයි. වර්තමානය වන විට වේගවත් හා පිරිවැය අවම අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා දිනෙන් දින වර්ධනව වෙන ග්‍රාහකයන් අතර දැඩි ඉල්ලූමක් පවතින බවත්, මෙම ඉල්ලූමට සපුරාලීට WTTx තාක්ෂණය වඩාත් ඵලදායි ම ක්‍රමය ලෙස  හදුනාගෙන ඇති බවත්ය. ඔවුන් නව තාක්ෂණය කි්‍රයාකාරීව ග්‍රහණය කරගනිමින් සිටින බවත් ඒ තුලින් සිය පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා සඳහා සාර්ථකව මුහුණ දිය හැකි බවත් ඔහු කියා සිටියේය. ඩයලොග් සමාගම  TTD Massive  MIMO  තාක්ෂණය තුලින්  WTTx  සේවාව ලබා දීමට කටයුතු කර ඇති අතර, Massive  MIMO විසින් 5G තාක්ෂණය කරා පරිවර්තනය වීමට පහසු මාර්ගයක් ඇති කරන බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.

    Huawei හි වයර්ලස් නිෂ්පාදන සමූහය මෙහෙයවන ප්‍රධාන උපාය මාර්ගික විධායක නිලධාරී ටයිඩ් සූ ගේ සමාරම්භක දේශනයේදී පෙන්වා දුන්නේ Huawei සමාගම ආසියානු පැසිෆික් පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩ නවෝත්පාදන තුළින් වඩා හොද පරිශීලක අත්දැකීමකින්, අවම පිරිවැයක් යටතේ ලබා දීමට කැපවී බවයි.

    2018 වසර පමණ වනවිට ලෝකය පුරා මිලියන 50 ක් පමණ WTTx තාක්ෂණය යොදාගන්නා පරිශීලකයින් බිහිව ඇති අතර ලෝකය තුළ අන්තර්ජාලය හා සම්බන්ධ නොවූ ගෘහයන් අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමට වඩාත් පහසුම අනාගත තාක්ෂණික ක්‍රමයක් ලෙස WTTx හඳුන්වා දිය හැකිය. එමගින් 75% ක් පමණ ලාභදායකවයක්්තවයක්  මෙන්ම වෙනත් සබඳතා හා සසඳා බැලීමේදී මෙය 90% පමණ වේගවත් වෙයි.