March, 27, 2019
වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය අඟහරුවාදා (26) Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී අසියාවේ විශිෂ්ටතම අවන්හල් 50 අතුරින් 35 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ Ministry of Crab සමත්විය.
සූපවේදියෙකු ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දර්ශන් මුනිදාස සහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙපළක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් එක්ව අරඹන ලද හවුල් ව්‍යාපාරයක් ලෙසින් Ministry of Crab ආරම්භය සනිටුහන් විය.
වර්තමානය වන විට චීනයේ ෂැංග්හයි, පිලිපීනයේ මැනිලා හා ඉන්දියාවේ මුම්බායි යන නගර වල Ministry of Crab ශාඛෘ ආරම්භ කර තිබේ.
ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්, විචාරකයින්, සූපවේදීන් හා අවන්හල් පාලකයින් ඇතුළු 300 කට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තේරීම සිදුකර තිබුණි. ආසියාව පුරා භූගෝලීය කලාප 6 ක් ආවරණය වන පරිද්දෙන් මේ සඳහා නම් කෙරුණු අවන්හල් තෝරා ගෙන තිබේ.
මෙවර ආසියාවේ විශිෂ්ටතම අවහන් 50 පහත පරිදි වේ.
1. Odette, Singapore
2. Gaggan, Bangkok
3. Den, Tokyo
4. Suhring, Bangkok
5. Florilege, Tokyo
6. Ultraviolet by Paul Pairet, Shanghai
7. Mume, Taipei
8. Narisawa, Tokyo
9. Nihonryori Ryugin, Tokyo
10. Burnt Ends, Singapore
11. The Chairman, Hong Kong
12. 8 1/2 Otto e Mezzo, Hong Kong
13. Mingles, Seoul
14. La Cime, Osaka, Japan
15. Belon, Hong Kong
16 Gaa , Bangkok (New entry)
17. Indian Accent, India
18. Il Ristorante -- Luca Fantin, Tokyo
19. Bo.lan, Bangkok
20. Le Du, Bangkok
21. Amber, Hong Kong
22. Nahm, Bangkok
23. Sazenka, Tokyo (New entry)
24. La Maison de La Nature Goh, Fukuoka, Japan
25. Sushi Saito, Tokyo
26. L'Effervescence, Tokyo
27. Jade Dragon, Macau
28. Paste, Bangkok
29. Fu He Hui, Shanghai
30. RAW, Taipei
31. Shoun Ryugin, Taipei
32. Jaan, Singapore
33. Les Amis, Singapore
34. Vea, Hong Kong (New entry)
35. Ministry of Crab, Sri Lanka
36. Wing Lei Palace, Macau (New entry)
37. Neighborhood, Hong Kong
38. Lung King Heen, Hong Kong
39. Nouri, Singapore (New entry)
40. Waku Ghin, Singapore
41. Toc Toc, Seoul
42. Locavore, Bali
43. Toyo Eatery, Manila (New entry)
44. Seventh Son, Hong Kong (New entry)
45. Quintessence, Tokyo
46. Dewakan, Kuala Lumpur (New entry)
47. Sugalabo, Tokyo
48. Sorn, Bangkok (New entry)
49. Corner House, Singapore
50. Ta Vie, Hong Kong
Video Story