ආසියාවේ හොඳම අවන්හල් 50 අතර 35 වෙනි තැන ශ්‍රී ලංකාවේ Ministry of Crab හිමි කරගනී

    March, 27, 2019

    වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය අඟහරුවාදා (26) Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී අසියාවේ විශිෂ්ටතම අවන්හල් 50 අතුරින් 35 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ Ministry of Crab සමත්විය.

    සූපවේදියෙකු ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දර්ශන් මුනිදාස සහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙපළක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් එක්ව අරඹන ලද හවුල් ව්‍යාපාරයක් ලෙසින් Ministry of Crab ආරම්භය සනිටුහන් විය.

    වර්තමානය වන විට චීනයේ ෂැංග්හයි, පිලිපීනයේ මැනිලා හා ඉන්දියාවේ මුම්බායි යන නගර වල Ministry of Crab ශාඛෘ ආරම්භ කර තිබේ.

    ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්, විචාරකයින්, සූපවේදීන් හා අවන්හල් පාලකයින් ඇතුළු 300 කට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තේරීම සිදුකර තිබුණි. ආසියාව පුරා භූගෝලීය කලාප 6 ක් ආවරණය වන පරිද්දෙන් මේ සඳහා නම් කෙරුණු අවන්හල් තෝරා ගෙන තිබේ.

    මෙවර ආසියාවේ විශිෂ්ටතම අවහන් 50 පහත පරිදි වේ.

    1. Odette, Singapore
    2. Gaggan, Bangkok
    3. Den, Tokyo
    4. Suhring, Bangkok
    5. Florilege, Tokyo
    6. Ultraviolet by Paul Pairet, Shanghai
    7. Mume, Taipei
    8. Narisawa, Tokyo
    9. Nihonryori Ryugin, Tokyo
    10. Burnt Ends, Singapore
    11. The Chairman, Hong Kong
    12. 8 1/2 Otto e Mezzo, Hong Kong
    13. Mingles, Seoul
    14. La Cime, Osaka, Japan
    15. Belon, Hong Kong
    16 Gaa , Bangkok (New entry)
    17. Indian Accent, India
    18. Il Ristorante -- Luca Fantin, Tokyo
    19. Bo.lan, Bangkok
    20. Le Du, Bangkok
    21. Amber, Hong Kong
    22. Nahm, Bangkok
    23. Sazenka, Tokyo (New entry)
    24. La Maison de La Nature Goh, Fukuoka, Japan
    25. Sushi Saito, Tokyo
    26. L'Effervescence, Tokyo
    27. Jade Dragon, Macau
    28. Paste, Bangkok
    29. Fu He Hui, Shanghai
    30. RAW, Taipei
    31. Shoun Ryugin, Taipei
    32. Jaan, Singapore
    33. Les Amis, Singapore
    34. Vea, Hong Kong (New entry)
    35. Ministry of Crab, Sri Lanka
    36. Wing Lei Palace, Macau (New entry)
    37. Neighborhood, Hong Kong
    38. Lung King Heen, Hong Kong
    39. Nouri, Singapore (New entry)
    40. Waku Ghin, Singapore
    41. Toc Toc, Seoul
    42. Locavore, Bali
    43. Toyo Eatery, Manila (New entry)
    44. Seventh Son, Hong Kong (New entry)
    45. Quintessence, Tokyo
    46. Dewakan, Kuala Lumpur (New entry)
    47. Sugalabo, Tokyo
    48. Sorn, Bangkok (New entry)
    49. Corner House, Singapore
    50. Ta Vie, Hong Kong