ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයි

    April, 5, 2018

    වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය දා Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    ආහාර පිළිබඳ ලිපි සම්පාදකයින්, විචාරකයින්, සූපවේදීන් හා අවන්හල් පාලකයින් ඇතුළු 300 කට අධික පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙම තේරීම සිදුකර තිබුණි. ආසියාව පුරා භූගෝලීය කලාප 6 ක් ආවරණය වන පරිද්දෙන් මේ සඳහා නම් කෙරුණු අවන්හල් තෝරා ගෙන තිබේ.

    මෙවර ආසියාවේ හොඳම අවන්හල ලෙසින් බැංකොක් හි Gaggan තේරුණු අතර එහි දෙවන ස්ථානය ටෝක්යෝ නුවර Den පත් විය.

    ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට එක්වීමට මෙවර ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi සමත්වී තිබේ.

    ආසියාවේ හොඳම අවන්හල් 50 අතර 25 වැනි ස්ථානය Minstry of Crab හිමිකර ගත් අතර එම ලැයිස්තුවේ 45 වැනි ස්ථානය Nihonbashi මෙහිදී හිමිකර ගත්තේ පසුගිය වසරේ මෙම සම්මාන උළෙලේ දී ලද 49 වැනි ස්ථානයේ සිට ස්ථාන 4 ක් ඉදිරියට යමිනි.

    සූපවේදියෙකු ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දර්ශන් මුනිදාස Nihonbashi හි නිර්මාතෘවරයා වේ. ඔහු සහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙපළක් වන මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් එක්ව අරඹන ලද හවුල් ව්‍යාපාරයක් ලෙසින් Ministry of Crab ආරම්භය සනිටුහන් විය.

    ජපාන ආහාර වෙනුවෙන්ම වෙන් වූ අවන්හලක් ලෙසින් ඇරඹි Nihonbashi මෙන්ම අපනයන තත්ත්වයේ කකුළුවන්ගෙන් සකස් කෙරෙන ආහාර සඳහා ම වෙන් වූ Ministry of Crab වර්තමානයේ දී කොළඹ නගරයේ පමණක් නොව ජාත්‍යන්තරය පුරාවට ද ඉමහත් ජනප්‍රියත්වයක් අත්පත් කර ගෙන තිබේ.

    දර්ශන් මුනිදාස මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

    මෙවර නම්කෙරුණු ආසියාවේ හොඳම අවන්හල් 50 පහත දැක්වේ.

    01. Gaggan, Bangkok
    02. Den, Tokyo
    03. Florilege, Tokyo
    04. Suhring, Bangkok
    05. Odette, Singapore
    06. Narisawa, Tokyo
    07. Amber, Hong Kong
    08. Ultraviolet by Paul Pairet, Shanghai
    09. Nihonryori RyuGin, Tokyo
    10. Nahm, Bangkok
    11. Mingles, Seoul
    12. Burnt Ends, Singapore
    13. 8 ½ Otto e Mezzo Bombana, Hong Kong
    14. Le Du, Bangkok
    15. Raw, Taipei
    16. Ta Vie, Hong Kong
    17. La Cime, Osaka
    18. Mume, Taipei
    19. Indian Accent, New Delhi
    20. L’Effervescence, Tokyo
    21. Locavore, Bali
    22. The Chairman, Hong Kong
    23. Waku Ghin, Singapore
    24. Lung King Heen, Hong Kong
    25. Minstry of Crab, Colombo
    26. Jungsik, Seoul
    27. Sushi Saito, Tokyo
    28. Il Ristorante – Luca Fantin, Tokyo
    29. Les Amis, Singapore
    30. Fu He Hui, Shanghai
    31. Paste, Bangkok
    32. Neighborhood, Hong Kong
    33. Eat Me, Bangkok
    34. Hajime, Osaka
    35. Jade Dragon, Macao
    36. Corner House, Singapore
    37. Bo Lan, Bangkok
    38. Quintessence, Tokyo
    39. Issaya Siamese Club, Bangkok
    40. Belon, Hong Kong
    41. Ronin, Hong Kong
    42. TocToc, Seoul
    43. The Dining Room at the House on Sathorn, Bangkok
    44. Jaan, Singapore
    45. Nihonbashi, Colombo
    46. Caprice, Hong Kong
    47. Shoun RyuGin, Taipei
    48. La Masion de la Nature Goh, Fukuoka, Japan
    49. Wasabi by Morimoto, Mumbai
    50. Whitegrass, Singapore