ආසියාවේ හොඳම දේපල වෙළඳාම් ඇගයෙන Asia Property Awards 2019 හි Best Mixed Use Development සම්මානය THE ONE- SRI LANKA දිනාගනී

    December, 12, 2019

    ආසියාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතර තමන්ට හිමි තැන මනාව ඔප්පු කරමින්, දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළ The One Transworks Square  පුද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් හී පසුගියදා පැවැති  PropertyGuru Asia Property Awards 2019 හිදී ප‍්‍රදාන පෙළේ සම්මානයකට හිමිකම් කියන ලදි.

    මෙම  PropertyGuru Asia Property Awards යනු දේපොළ වෙළෙඳාම්, සංවර්ධන කාර්යයන්, සැලසුම් නිර්මාණ සහ නව්‍යකරණය ආදි ක්ෂේත‍්‍රවල ඉහළම පිළිගැනීමට ලත් ඇගයුම් විශිෂ්ඨතා සම්මාන උළෙලකි.

    දේපල සංවර්ධන ක්ෂේත‍්‍රයේ ඔස්ටේ‍්‍රලියාව, චීනය, මැලේසියාව, පිලිපීනය සහ මියෙන්මාරය ඇතුළු රටවල නිර්දේශීත සමාගම් 8ක් අභිබවමින් ත‍්‍රිත්වයකින් සමන්විත THE ONE- SRI LANKA  ඉදිකිරීම් ව්‍යාපෘතිය විසින්  ආසියාව සඳහා වන මෙම Best Mixed Use Development සම්මානය හිමිකරගනු ලැබීය. දේපළ සංවර්ධනයේ යෙදෙන්නකු ලෙසින් , කලාපයේ ඉහළම දේපළ වෙළෙඳාම් සමාගමක් ලෙසට ශක්තිය වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සහතිකයක් බවට මෙම විශිෂ්ඨ ඇගයුම පත්වනු ඇත.

    The One Transworks Square හී ප‍්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂක ජානකී සිරිවර්ධන අදහස් දක්වමින් ‘අප විසින් කරන ලද කාර්යය මෙසේ ඇගයුමට ලක්වීම සැබෑම ගෞරවයක්. සුඛෝපභෝගී දේපළ වෙළෙඳාම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වයට පත්වීම සඳහා  අපගේ කැපවීම සහ කණ්ඩායම්හැඟීම ආදිය සම්බන්ධයෙන් සාක්ෂියක් බවට මෙම සම්මානය පත්වෙනවා. මේ සම්මානය ශ‍්‍රී ලංකාවට රැගෙන එ්මට හැකිවීම ගැන අප අතිශයින් ආඩම්බර වෙනවා වගේම, කොළඹ නගරය මෙන්ම ශ‍්‍රී ලංකාවත් යා යුතුම ගමනාන්තයක් ලෙසින් අර්ථදැක්වෙන සේ කටයුතු කිරීමට THE ONE – SRI LANKA වෙත හැකිවේවි’ යැයි පැවසීය.

    හෝටල් සහ සන්නාමය සහිත නිවාස සංකීර්ණ, සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, මහල් කිහිපයකින් යුත් වාහන නැවතුම් අංගන, උත්සවශාලා මෙන්ම  Sky Bar වැනි ආපනශාලා අත්දැකීම්ද, කාර්යාල සංකීර්ණ සහ ඉදිකිරීමේ මුදුනත පිහිටි හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විතව mixed-use development site  යන්නට සැබෑම අර්ථකනය දීමට THE ONE වෙත හැකිවේ. ඒ යටතේ ඉදිවන මීටර 326ක උසින් යුතු මහල් 80කින් සමන්විත Ritz-Carlton Tower හි Ritz-Carlton හෝටලය සහ නිවාස සංකීර්ණය (Ritz-Carlton Hotel and Residences) ස්ථාපිත වන අතර මීටර 310ක උසින් යුත්  මහල් 77කින් සමන්විත දෙවැනි කුළුණෙහි JW Marriott හෝටලය සහ නිවාස සංකීර්ණය JW Marriott Hotel and Residences) ස්ථාපිත වනු ඇත.

    The One Transworks Square හී ප‍්‍රධාන අළෙවි නිලධාරී ජායිදීප් වාහී මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් ‘දේපල සංවර්ධන විශිෂ්ඨයන් ඇගයෙන වේදිකාවක THE ONE – SRI LANKA  ඇගයුමට ලක්වනු දැකීම අප‍්‍රමාන ගෞරවයක් මෙන්ම සතුටක්. මෙය රටේ දේපල වෙළෙඳාම් ක්ෂේත‍්‍රයට, සංවර්ධකයන්ට සහ නව්‍යකරණය පසුපස හඹායන්නන්ට සහ රටේ හදවත වන් ස්ථානය ආයෝජන අවස්ථා සලසාගන්නන් වෙනුවෙන් මනා උත්තේජනයක් සපයනු ඇත’ යනුවෙන් පැවසීය.