August, 2, 2022
කොවිඩ් - 19 වසංගත තත්ත්වය යටතේ වුවද, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක් බවට ඇඟළුම් කර්මාන්තය පත්ව තිබේ.
එහෙත්, අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ මේ වන විට රට තුළ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් දේශීයව නිෂ්පාදනය නොකරන, ඇඟළුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී දේශීය ඇඟළුම් නිෂ්පාදකයින්ට අභියෝග රාශියකට මුහුණ පෑමට සිදුව ඇත.
ඊට පිළියමක් වශයෙන් සංයෝජිත වර්ගීකරණය (HS) කේත අංක 19ක් යටතේ වන දේශීයව නිෂ්පාදනය කරනු නොලබන උපාංග/අයිතම සඳහා තීරු බදු සහන ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
Video Story