May, 14, 2020
විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සකස්කල උපමාන ලංකා විදුලිබල මණ්ඩලයට(ලංවිම) හා ලංකා විදුලි පුද්ගලික සමාගම(ලෙකො) විසින් ක්‍රියාවට නගනු ඇත.. බිල්පත් නිකුත් කිරීම ප්‍රමාද වුවද සහන මිලට ලැබෙන විදුලි ඒකක ප්‍රමාණය (ආනුපාතික ක්‍රමයට අනුව) විදුලි පාරිභෝගිකයාට හිමිවන ආකාරයටම බිල්පත් ගණනය කිරීමට හා බිල්පත් ගෙවීම සදහා සාධාරණ කාල සීමාවක් ලබාදීමට අදාල වන පටිපාටි ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලංකා විදුලි පුද්ගලික සමාගමේ යෝජනා මෙන්ම ඇතැම් පාරිභෝගිකයින්ගේ පැමිණිලි ද සැළකිල්ලට ගෙන සකස්කරන ලදී.
එසේම නිරෝධායන ඇදිරි නීති කාලය තුලදී විදුලි බිල්පත් ආදායම් නොලබිමින් වුවද ලංවිම හා ලෙකො යන ආයතන විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දී ඇත. ඉදිරියේදී අඛණ්ඩව ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සදහා මෙම ආයතන වල මුල්‍ය තත්වය යථා තත්වයට පත් කල යුතු වේ. දැනටමත් ප්‍රමාද වී ඇති මාස සදහා නිකුත් කෙරෙන බිල්පත් සදහා කඩිනමින් ගෙවීම් කිරීමෙන් විදුලි පාරිභෝගිකයින්ට ලංවිම හා ලෙකො ආයතනයේ මුල්‍ය තත්වය යහපත් ලෙස පවත්වාගැනීමට සහාය විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඇදිරි නීති කාලය තුල නියමිත බිල්පත් සකස්කිරීමේදී පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි බිල්පත් ගණනය සදහා පහත සදහන් නිර්දේශ ක්‍රියාත්මක වේ.
1.නිරෝධායන ඇදිරි නීතිය ආරම්භවීමෙන් පසුව හා අවසාන මනු කියවීමෙන් පසුව නිකුත් කෙරෙන සියළුම බිල්පත් පෙර පරිදිම මාසික පදනම මත හා සහන විදුලිගාස්තු හිමිකම (ආනුපාතික ක්‍රමය පදනම්) ද තහවුරු කරමින් ඒ ඒ මාසය සදහා වෙන් වෙන් බිල්පත් වශයෙන් නිකුත් කෙරේ..
සහන විදුලි ඒකක හිමිකම තහවුරු කෙරෙන ආනුපාතික ක්‍රමය පිළිබද උදාහරණය
මාස දෙකක කාලයක් සදහා විදුලි පාරිභෝජනය ඒකක 120 වන්නේ නම් මුල් ඒකක 60 රුපියල් 2.50 බැගින් ද දෙවැනි ඒකක 60 රුපියල් 4.85 බැගින් ද ගණනය කෙරෙනු ඇත. එවිට එක් එක් මාසය සදහා ස්ථාවර ගාස්තුව රුපියල් 60 බැගින් රුපියල් 120ක් වේ. මෙම උදාහරණයට අනුව මාස 2කට පසුව බිල්පත් කියවන හෙයින් පාරිභෝගිකයාට ඒ මාස දෙක සදහා වෙන් වෙන් වශයෙන් බිල්පත් 2ක් නිකුත් කරනු ලැබේ. ඒ අනුව පලමු මාසය සදහා ගාස්තුව රුපියල් 280.50 ක් වන අතර ඊළග මාසය සදහා ගාස්තු රුපියල් 280.50ක් වශයෙන් සදහන් බිල්පත් 2ක් ලැබේ. ඊට අමතරව මෙම බිල්පත් ගෙවීම සදහා ලබාදෙන සහන කාලයද පාරිභෝගිකයාට දන්වනු ලැබේ.
මසකට ඒකක 60ක සාමාන්‍ය භාවිතයක් ඇති විදුලි පාරිභෝගිකයෙකුට එකවර මාස 2ක බිල්පත් නිකුත් කිරීමේදී ගාස්තු සකස් කෙරෙනුයේ පහත සදහන් ආකාරයට වේ.

Video Story