ඇපයෙන් සීමිත සමාගමක් සඳහා බොදු බල සේනා, නමක් ගනී

    April, 29, 2014

    බොදු බල සේනා සංවිධානය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම සඳහා නමක් අනුමත කරවාගෙන ඇතැයි සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා කියයි.

    මෙම නම “බොදු බල සේනා ජාලය“ බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතා අප සමග වැඩිදුරටත් සඳහන් කළේය.

    නම අනුමත කරවා ගත් දින සිට මාස තුනක් ඇතුළත අවශ්‍ය නම් මෙම ඇපයෙන් සීමිත සමාගම ලියාපදිංචි කළ හැකිබව සිරිවර්ධන මහතා පැවසීය.

    කොළඹ කොටස් වෙළඳ පොළ මෙරට තිබෙන ප්‍රධානතම ඇපයෙන් සීමිත සමාගමක් වේ.

    ඇපයෙන් සීමිත සමාගමක් (Company Limited By Liability) ලෙස ලාභ නොලබන පුණ්‍යායතන, සංවිධානද ලියාපදිංචි කරන අතර
    සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා අප සමග පැවසුවේ 2007 අංක 07 දරණ සමාගම් පනතේ අංක 34 වන වගන්තිය යටතේ ලියාපදිංචි වීම සඳහා “බොදු බල සේනා ජාලය“ යන නම අනුමත කර තිබෙන බවයි.

    මෙම වගන්තිය යටතේ ලියාපදිංචි වන්නේ ලාභ නොලබන ආයතන වේ.

    කෙසේවෙතත්, බොදු බල සේනා සංවිධානය සමාගම් මැදුරේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇතැයි පළවන රාවයක් අසත්‍ය යැයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුකදී අදහස් දක්වමින් එම සංවිධානයේ සම්බන්ධීකාරක ඩිලන්ත විතානගේ මහතා පැවසීය.