ඇමති රවීට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට

    May, 18, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන එනවායැයි පසුගියදා මහත් ප්‍රසිද්ධියක් ලබාදුන් විශ්වාසභංග යෝජනාව අද පස්වරුවේදී කතානායක චමල් රාජපක්ෂ මහතාට භාරදී තිබේ.

    මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට වැඩි ගණනකගේ අත්සනින් භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා පැවසීය.

    ඔහු සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද අත්සන් තබා ඇති බවයි.