ඇමරිකන් පියස මාතර යයි

    September, 5, 2018

    නවතම ඇමරිකන් පියසක් මාතර නගරයේ විවෘත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් එක්සත් ජනපද තානාපති කාර්යාලය, මාතය කර්මාන්ත හා වාණිජ මන්ඩලය සමඟ පසුගිය අගෝස්තු 30 වන දා අත්සන් කරන ලදී. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන මහජන කටයුතු නිලධාරිනී නැන්සි වැන් හෝන් මහත්මිය හා වාණිඩ මණ්ඩලයේ මෙත්තා විදානගමආරච්ඡි මෙම ගිවිසුම අත්සන් කළෝය.

    මාතර හක්මන පාරේ අංක 149 ස්ථානයේ පිහිටි වාණිජ මණ්ඩල ගොඩනැගිල්ලේ බිම්මහලේ ක්‍රියාත්මක වන ඇමරිකන් පියස දකුණු පළාතේ ජනතාවට නොමිලේ වැඩසටහන් හා පුහුණුව ලබා දෙනු ඇත. මෙම වැඩසටහන්වලට ඉංග්‍රීසි පංති, ක්‍රමලේඛන හා පරිගණක කුසලතා, නායකත්ව පුහුණුව, චිත්‍රපට දර්ශන හා සංස්කෘතික අවස්ථා ආදිය ඇතුළත් වේ.

    “දකුණු පළාතේ ජනතාව සමග සබඳතා ගොඩනැගීමට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කැපවීම නව ඇමරිකන් පියසෙන් නියෝජනයේ වේ“, යැයි වැන්හෝර්න් මහත්මිය ප්‍රකාශ කළාය. “අපි නොමිලේ ලබාදෙන වැඩසටහන් තුළින් කලාපයේ ආර්ථික වැඩි වන අතර එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර සබඳතා ද පුළුල් වනු ඇත.“

    මෙම ඇමරිකන් පියස ආරම්භ කෙරෙන්නේ 2018 මාර්තු මාසයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තොරතුරු මධ්‍යස්ථානය (iHub) විවෘත කිරීමෙන් පසුවයිත විවිධ පසුබිම් හා වයස් කාණ්ඩවල ජනයා ආකර්ෂණය කර ගැනීමට එයට හැකිවී තිබේ. වර්තමානයේ එහි පැවැත්වෙන වැඩසටහන් අතර කථා පැවැත්වීම හා ඉංග්‍රීසි පංති ආදිය වේ. ඉදිරි කාලයේ ඇමරිකන් පියස විවෘත කරන තෙක් මේ තොරතුරු මධ්‍යස්ථානය (iHub) ක්‍රියාත්මත වනු ඇත.