August, 30, 2022
ඇමරිකා එක්සත් ජනපදයේ බුංවත් නීති සංග්‍රහයේ 11 වන පරිච්ඡේදය හා සමාන ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2022 අතුරු අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.
ණයගැති භාවය නිසා පීඩාවට පත්වන ව්‍යාපාර ප්‍රතිසංවිධානය කළ යුතු අතර, ආකාරය පිළිබඳ ප්‍රතිපදාන ඇමරිකා එක්සත් ජනපදයේ බුංවත් නීති සංග්‍රහයේ 11 වන පරිච්ඡේදයේ සඳහන් කර තියෙනවා.
හුදෙක්ම බුංවත් වීම පමණක් ව්‍යාපාර වසා දැමීමට හේතුවක් නොවන අතර ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යමින් වත්කම් හා වගකීම් ප්‍රතිව්‍යූහගත කිරීම මගින් සහ ණය ගැතියාවෙන් මිදීම මගින් ව්‍යාපාර ප්‍රතිසංවිධානය කර ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා.
ඒ හා සමාන නව නීති ශ්‍රී ලංකාවේද බලාත්මක කළ යුතුයි.
Video Story