ඇමරිකා-ශ්‍රී ලංකා අපනයන බැම්ම ඉදිරියටම

    April, 16, 2014

    ශ්‍රී ලංකාවට මානව හිමිකම් බලපෑම් එල්ල කරන ප්‍රධානතම රටවන ඇමරිකාව ශ්‍රී ලංකාවේ අපනයන වලින් බහුතර ප්‍රමාණය මිලදී ගනිමින් තවදුරටත් පෙරමුණේ සිටින බව අනාවරණය වේ.

    මේ අනුව, ගිය වසරේදී ඇමරිකාව විසින් මෙරට අපනයන වලින් සියයට 24 ක් මිලදීගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළ වන ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම මිලදී ගන්නේ ඇඟලුම් වන අතර ගිය වසරේදී මෙරට අපනයන වලින් සියයට 10.4 ක් එංගලන්තයටද ඉන්දියාවට සියයට 5.2 ක්ද සිදුකර ඇත.

    2008 වසර සමග සංසන්දනය කර බැලීමේදී එංගලන්තය, බෙල්ජියම, ජර්මනිය, යුරෝපා සංගමය, මැදපෙරදිග රටවලට ලංකාව විසින් සිදුකළ අපනයන වර්ධනය නොවුණත් ඇමරිකාවට සිදුකළ අපනයන වර්ධනය වී තිබීම කැපී පෙනේ.