October, 3, 2019
ඇවන්ගාඩ් ආරක්ෂක සේවය විසින් හඳුන්වා දෙන ලද කුලී රථ සේවාවක් වූ Avant Taxi සේවයේ ව්‍යාපාරික කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමීමට සමාගම විසින් තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් Avant Taxi සේවය සිය ගනුදෙනුකරුවන් වෙත SMS පණිවුඩයක් යවමින් මෙසේ කියා සිටී.
“විවිධ බාධක සහ අවහිරතා මත ආරම්භ කරන ලද Avant Taxi ව්‍යාපාරය මේ වන විට අප ආයතනයට එරෙහිව ක්‍රියාත්මකවන හස්තයන් හමුවේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට මුහුණ දී ඇත.“
“එබැවින් මෙම කරුණු යථා තත්ත්වයට පත්වූ දිනක නැවත ඔබ හා සම්බන්ධ වන අරමුණින් යුතුව 2019 ඔක්තෝබර් 02 දින මධ්‍යම රාත්‍රියේ සිට ඔබගෙන් සමුගනිමු.“
“සහයෝගය ලබාදුන් සැමට ස්තුතිය.“
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීම සඳහා අද දෙරණ ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. ඒ සමාගමේ දුරකතන මාර්ග ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙනි.
ඇවන්ගාඩ් ආරක්ෂක සේවය විසින් මෙම කුලී රථ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ මෙරට ආරක්ෂක අංශවල සේවය කර ඉවත් වූ නිලධාරීන් වෙනුවෙන් ආදායම් මාර්ගයක් ලබාදීම අරමුණි කර ගනිමිනි. 2019 ජූනි මාසයේ දී මෙම ව්‍යාපාරය දියත් කරනු ලැබිණි.
Avant Taxi කුලී රථ සේවාව කළමනාකරණය කරන ලද්දේ ඇවන්ගාඩ් සමාගම විසිනි.
නිසි අවසරයකින් තොරව පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ චෝදනා මත ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව අධි චෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් පසුගිය සැප්තැම්බර් 10 වනදා අධිචෝදනා ගොනු කරනු ලැබීය.
Video Story