ඈවරයි! දෑවරයි! නොරොච්චෝලේ ගල් අඟුරු අළු විකිණේ

    July, 4, 2014

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු දැවි අළු සමාගම් පහකට විකිණීමට රජය සූදානම් වේ.

    රජය සඳහන් කරන්නේ මෙම බලාගාරයේ දැනට තිබෙන යන්ත්‍රය සහ ලබන සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන යන්ත්‍රය මගින් වාර්ෂිකව ගල් අඟුරු දැවි අළු ටොන් 150,000 ක් පමණ නිපදවන බවයි.

    මෙම ගල් අඟුරු දැවි අළු සිමෙන්ති නිෂ්පාදනයට සහ කාර්මික අංශයේ වෙනත් කටයුතු සඳහා යොදාගත හැකිය.

    රජය සඳහන් කරන්නේ මෙම ගල් අඟුරු දැවි අළු සුදුසුකම් ලත් සමාගම් පහකට විකිණීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවයි.