ඉංජිනේරු නිලධාරීන්ගේ විශ්‍රාම වයස 61 දක්වා දිගු වෙයි

    July, 27, 2017

    ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 61 දක්වා දීර්ඝ වන බව අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති මෙම නිවේදනයෙන්, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට කරනු ලබන සංශෝධනය 2017.02.07 දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු බව වැඩිදුරටත් සඳහන් වේ.