ඉතිහාසයේ තනි දිනක් තුළ කොටස් වෙළඳපොළේ වැඩිම කඩා වැටීම අද. සියලු කොටස් ඒකක 303කින් පහළට

    March, 20, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම පහළ යාම අද (20) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 303.10 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 6.22% ක පහළ යාමකි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 4,571.63 ක් වශයෙනි.

    මේ අතර S&P SL20 දර්ශකය මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 11.90% ක පහළ යාමක් අද දින වාර්තා කළේය. මෙහිදී ඒකක 262.42 කින් S&P SL20 දර්ශකය පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 1,943.55 ක් ලෙසින් සටහන් විය.

    දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වූ මුළු පිරිවැටුම රු. මිලියන 420.76 කි.

    මීට පෙර කොටස් වෙළෙඳපොළ විශාලතම කඩා වැටීම වාර්තා වූයේ 2010 වසරේ ඔක්තෝබර් 12 වන දිනය. එදින ඒකක 300.59 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.