ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්

    January, 9, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් සහ අරමුදල් සංඛ්‍යාව අද (09) දිනයේ දී 300 ක් බවට පත්විය. මෙම සීමාව සාක්ෂාත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය.

    ඒ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන LVL Energy Fund Ltd හි ද්විතියික කොටස් ගනුදෙනු අද දිනයේ දී ආරම්භ වීමත් සමඟය.

    ඊයේ දිනය වන විට කොටස් වෙළෙඳපොළේ සමාගම් 297 ක් හා අරමුදල් 2 ක් ලැයිස්තුගත වී තිබිණි.

    මේ අනුව අද දිනය වන විට ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 298 දක්වා ඉහළ යනු ලබන අතර ලැයිස්තුගත අරමුදල් 2 ත් සමඟින් සම්පූර්ණ ලැයිස්තුගත සමාගම්/අරමුදල් සංඛ්‍යාව 300 සීමාව කරා පැමිණ තිබේ.