ඉතිහාසයේ මුල්වරට ඩොලරයේ විකුණුම් මිල රු. 180 ඉක්මවයි

    November, 23, 2018

    මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 180 සීමාව අද (23) දිනයේ දී ඉක්මවා ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 176.7204 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 180.6606 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර පසුගිය ඔක්තෝබර් 26 වන දා මෙරට ඇති වූ දේශපාලන බල පෙරළියෙන් පසු රුපියල් බිලියන 30 ක් ඉක්මවූ විදෙස් ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් හා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවතට ඇදී ගොස් ඇති බව වාර්තා වේ.